වීථි ලාම්පු කළමනාකරණ සැළැස්ම සහ විදුලිබල, පානීය ජල,හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටලු පිළිබඳ මහජන උපදේශනය

වීථි ලාම්පු කළමණාකරණය පිළිබඳ යෝජිත ජාතික සැලැස්ම හා විදුලිබල, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සැකසීම පිළිබද සබරගමුව පළාත් මහජන උපදේශනය (මහජන අදහස් ලබාගැනීම) සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී ජුනි 19 වැනි දින පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා පැවත්විණි. මේ සඳහා සබරගමුව පළාතේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරිකයින් හා සබරගමු පළාතේ පාරිභෝගිකයින් නියෝජනය කරමින් 700 ආසන්න පිරිසක් සහභාගි වූහ.

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය හා ජල සේවා, ඛනිජ තෙල් කර්මාන්ත සඳහා නම් කළ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සියළුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශන මාලාවක් ආරම්භ කර තිබේ. වීථි ලාම්පු කළමණාකරණය සඳහා යෝජිත ජාතික සැලැස්මට මහජන අදහස් ලබාගැනීම හා විදුලි, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා මෙම මහජන උපදේශන මාලාව පැවත්වේ. මෙම මහජන උපදේශන මාලාවේ ප්‍රථම උපදේශනය මාර්තු 29  වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර දෙවන අදහස් විමසීම මැයි 24  වන දින මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයේ, මහනුවර දිස්ත්ත්‍රක් ලෙකම් කාර්යාලයේදී පැවැත්විනි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ද සහාය ඇතිව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට විථි ලාම්පු කළමණාකරණය පිළිබඳ ජාතික සැළැස්මක් මේ වන විට  කෙටුම්පත් කර තිබේ. ඒ යෝජිත ජාතික සැළැස්ම පිළිබඳ මහජනතාවට ද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. දිවයිනේ සියලුම් පළාත් සභා, පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයින් හා මහජනතාවගේ යෝජනා ද එක් කිරීමෙන් මෙම යෝජිත සැලැස්ම තවදුරටත් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි. සියළුම පළාත්වල මහජන අදහස් හා යෝජනා ලබාගත් පසු අවසන් සැලැස්ම රජයේ අනුමැතිය ද සහිතව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාවට නැගීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි. විථී ලාම්පු කළමනාකරණය පිළිබද ජාතික සැලැස්ම මගින් වීථි ලාම්පුවල ගුණාත්මකභාවය, නඩත්තුව හා සවිකිරීම පිළිබඳ පටිපාටි, තාක්ෂණික පිළිවිතර, වීථි ලාම්පුවල බලශක්තිය සඳහා වැය වන වියදම් ආදි සියලුම අංශ ආවරණය පරිදි විසඳුම් යෝජනාවලියක් ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වේ.

විදුලි, පානීය ජල හා ඛණිජ තෙල් පාරිභෝගික ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා මෙම විෂයන් භාර රාජ්‍ය ආයතන සමග එක්ව යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ හඳුනාගැනීම මෙම ප්‍රාදේශීය මහජන උපදේශන පැවත්වීමේ තවත් අරමුණක් වේ. විශේෂයෙන් විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ වන විටත් විදුලි පාරිභෝගික පැමිණිලි විසදීම සඳහා මාර්ගෝපදේශ සකස් කර ඇත. මෙම මාර්ගෝපදේශ පිළිබද විදුලි පාරිභෝගිකයින්ට ද අදහස් ඉදිරිපත් කර හැකි අතර එවැනි අදහස් හා යෝජනා අනුව මාර්ගෝපදේශ තවදුරටත් යාවත්කාලීන කෙරෙනු ඇත. ඊට අමතරව මෙම ප්‍රාදේශීය මහජන උපදේශනවලදී  පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු සම්බන්ධයෙන් ද මහජනතාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කීරීමට අවස්ථාව සලසා ඇත. එම අදහස් හා යෝජනා මත පදනම් වී පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

ප්‍රාදේශීය මහජන උපදේශන මාලාවේ ප්‍රථම අදියරේදී පළාත් සභා 9ම ආවරණය කරමින් උපදේශන 9ක් පැවත්වීමට පියවර ගෙන ඇත. ලබන අගෝස්තු මාසය වන විට මහජන උපදේශන මාලාවේ ප්‍රථම අදියර අවසන් කිරීමට නියමිත අතර විසදුම් යෝජනා මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරනු ඇත.

Event Date: 18 May 2024 - 18 May 2024

උපදේශන පත්‍රිකා

Unite Gallery Error:

Gallery with alias: kandy_video not found

Please Post Your Comment & Reviews

Your email address will not be published. Required fields are marked *