සූර්‍ය බල පද්ධතියක් සකසා ගන්නේ කෙසේද?
වහලමත සවිකරන ගෘහස්ථ සූර්‍ය බල පද්ධති සවිකරන ආයතන විශාල ප්‍රමානයක් ඇතත් ඔබ තෝරාගත යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ආයතනයකි. එසේ නොවන ආයතනයක් විසින් සවි කරනු ලැබූ බල පද්ධති ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටළු ඇති විය හැක
ගෘහස්ථ සූර්‍ය බල පද්ධති

ඔබගේ නිවසේ සූර්‍ය බල පද්ධතියක් සවිකිරීමට සැලකිලිමත් විය යුතු කරුණු.

 

වහලයේ ශක්තිමත්බව

 

විවිධ ධාරිතාවයෙන් යුතු සූර්ය පැනල වෙළද පොලෙ පවතී. වොට් අගය 320 වන සූර්ය පැනලයක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 23 පමන වේ. ඔබ කිලෝ වොට් 2ක බල පද්ධතියක් පිහිටවීමට බලාපොරොත්තු වේනම් සූර්ය පැනල 6ක් සවි කලයුතු අතර ආසන්නම බර කිලෝ ග්‍රෑම් 138ක් පමණ වේ.අවශ්‍ය ධාරිතාව ඉහල යනවිට වහලය මත බරද ඉහල යයි. මේ නිසා ඔබ වහලයේ ශක්තිමත් බව පිලිබඳව සැලකිලිමත් වීම අනිවාර්‍ය වේ.

 

  • වහලයට ලැබෙන ආලෝක ප්‍රමාණය

ඔබ නිවසේ වහලය මත පතිතවන අලෝකය අවට වූ ගස් හෝ ගොඩනැගිලි නිසා අඩුවේනම් එවැනි බාදක පිළිබඳ සැලකිලිමත් වන්න

 

  • සූර්‍ය බල පද්ධතියක් සවිකරන්න ආයතනයක් තෝරා ගැනීම.

සූර්ය බල පද්ධතියක් සවිකරන ආයතන විශාල ප්‍රමානයක් ඇතත් ඔබ තෝරාගත යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපද්න්චි ආයතනයකි. එසේ නොවන ආයතනයක් විසින් සවි කරනු ලැබූ බලාගාරයක් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටළු ඇති විය හැක

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදින්චි ආයතන ල්යිස්තුව

තෝරා ගත් ආයතනය මගින් ඔබට අවශ්‍ය ධාරිතාවයට සපුරාලන සූර්ය පැනල සහ ඉන්වර්ටරය සවි කරනු ලැබේ.

සූර්ය පැනලයක් තෝරා ගැනීමේදී “A” වර්ගයට අයත් සූර්ය පැනල සවිකිරීමට වගබලා ගන්න. එම පැනල වල කාර්‍යක්ෂමතාව සහ කල් පැවඇත්ම ඉහල වේ.

අරමුණු 2ක් මත ඔබට නිවසේ සූර්ය බලගාරයක් සවිකර ගත හැක.

 

ඔබ මාසිකව භාවිතාකරන විදුලි ඒකක ගනනට සමාන ඒකක ගනනක් උත්පාදනය කිරීමේ අරමුණ (Net Metering)

 

  • මෙහිදී ඔබ නිපදවන විදුලිය වෙනුවෙන් මුදල් ගෙවීමක් සිදු නොකරනු ලැබේ.
  • මෙහිදී ඔබ සවි කරගත යුතු විදුලි බල පද්ධතීයෙ ධාරිතාව තීරනය කළ යුත්තේ ඔබ මසකට භාවිතා කරන විදුලි ඒකක ගනන් අනුවයි.
  • උදාහරනයක් ලෙස නිවසේ මසක විදුලි පාරිභෝජනය ඒකක 200ක් පමන වේනම් ඔබ කිලෝ වොට් 2ක ධාරිතාවයෙන් යුතු පද්ධතියක් සවිකිරීම සෑහේ. (1kW=115-120 units per month)
    2kW ධාරිතාව්යෙන් යුතු පද්ධතියක් සඳහා ආසන්න වශයෙන් රු.ලක්ෂ 5 පමන ආයෝජනයක් සිදුකල යුතු වේ.
  • මේ නිසා ඔබගේ මාසික පරිභෝජනය ඒකක 200 වඩා අඩු වේනම් ඔබට ආයෝජනය පියවා ගැනීමට ඉතා දීර්ග කාළයක් ගතවනු ඇත.
    තවද ඔබ පාරිභෝජනයට වඩා උත්පාදනය කලේනම් අතිරික්තය තැන්පතු ලෙස සටහන් වන අතර එම තැන්පතු ඒකක ඔබට වසර 10ක කාලයක් තුල භාවිතා කළ හැක.
  1. ආදායමක් ලබා ගැනීමේ අරමුණින් විදුලි උත්පාදනය කිරීම (Net Accounting and Net Plus)
    • නෙට් එකවුන්ටින් (Net Accounting)
      • මෙම ආකාරයෙදී ඔබ උත්පාදනයා කරන ඒකක ප්‍රමාණයෙන් මාසිකව පරිභෝජනය කළ විදුලි ඒකක ප්‍රමාණය අඩුකර, වැඩිපුර උත්පාදනය කෙරුනු ඒකකයකට රු. 22.00 (වසර 7ක් දක්වා) බැගින් සේවා සපයන්නා ඔබට ගෙවනු ලැබේ. (මුල් වසර 7න් පසුව එක් ඒකකයකට රු 15.50 බැගින් ගෙවනු ලැබේ.).
      • ඔබ පාරිභෝජනය කල ඒක ප්‍රමානය වැඩිනම් ඊට අදාල විදුලි බිල ගෙවිය යුතුවේ.
  1. නෙට් ප්ලස්
    • මෙහිදී ඔබ උත්පාදනය කල විදුලි ඒකක ප්‍රමානය ඒකකයකට රු 00 බැගීන් ගෙවෙනු ලබන අතර ඔබ පාරිභෝජනය කල විදුලි ඒකක ප්‍රමානයට බිල් පත වෙනම ලැබෙනු ඇත.
  2. සූර්ය බලාගරය සවිකරන්න ආයතනයක් තෝරා ගැනීම.
    • සූර්ය බලාගාර සවිකරන ආයතන විශාල ප්‍රමානයක් ඇතත් ඔබ තෝරාගත යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපද්න්චි ආයතනයකි. එසේ නොවන ආයතනයක් විසින් සවි කරනු ලැබූ බලාගාරයක් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටළු ඇති විය හැක.සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදින්චි ආයත ලයිස්තුව
    • තෝරා ගත් ආයතනය මගින් ඔබට අවශ්‍ය ධාරිතාවයට සපුරාලන සූර්ය පැනල සහ ඉන්වර්ටරය සවි කරනු ලැබේ.
    • සූර්ය පැනලයක් තෝරා ගැනීමේදී “A” වර්ගයට අයත් සූර්‍ය පැනල සවිකිරීමට වගබලා ගන්න. එම පැනල වල කාර්‍යක්ෂමතාව සහ කල් පැවඇත්ම ඉහල වේ.

 

• සූර්‍ය බල පද්ධතියක් සවිකරන්න ආයතනයක් තෝරා ගැනීම

සූර්ය බලාගාර සවිකරන ආයතන විශාල ප්‍රමානයක් ඇතත් ඔබ තෝරාගත යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපද්න්චි ආයතනයකි. එසේ නොවන ආයතනයක් විසින් සවි කරනු ලැබූ බලාගාරයක් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටළු ඇති විය හැක

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදින්චි ආයතන ල්යිස්තුව

තවත් තොරතුරු →