විද්‍යුත් වාහන භාවිතාකරුවන්

වර්තමානය වන විට ආසන්න වශයෙන් 5500ක් පමණ විද්‍යුත් වාහන තිබේ. එයින් 4500ක් පමණ ප්‍රමාණයක් විද්‍යුත් කාර් හා ද්විකාර්ය වාහන. යතුරු පැදි 1000ක් පමණ තිබේ. ආරෝපණ මධ්‍යස්ථාන තිබෙන්නේ 47ක් පමණි.

විදුලි වාහන

Q ශ්‍රී ලංකාව තුළ දැනට විදුලි වාහන සංඛ්‍යාව කොපමණද? ලංකාව තුළ දැනට ආරෝපණ මධ්‍යස්ථාන කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද?

වර්තමානය වන විට ආසන්න වශයෙන් 5500ක් පමණ විද්‍යුත් වාහන තිබෙනවා. එයින් 4500ක් පමණ ප්‍රමාණයක් විද්‍යුත් කාර් හා ද්විකාර්ය වාහන. යතුරු පැදි 1000ක් පමණ තිබෙනවා. ආරෝපණ මධ්‍යස්ථාන තිබෙන්නේ 47ක් පමණි. ඊට අමතරව හෝටල් 10ක පමණ මෙම සේවාව ක්‍රියාත්මකයි. ඊටත් අමතවර තවත්  ස්ථාන 10ක පමණ ආරෝපණ මධ්‍යස්ථාන තිබෙනවා.

Q මේ සඳහා පවතින නීතිමය තත්ත්වය කුමක්ද?

දැනට අපේ විදුලි බල පනතට අනුව විදුලිය යම්කිසි ස්ථානයකට සැපයීමේ කටයුතු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නියාමනය කරන්න පුළුවන්. නමුත් වාහනයකට විදුලි සැපයීම නියාමනය කරන්න පනත හරහා බෑ. ඒ නිසා අපි මේ කතා කරන ක්ෂේත්‍රය පනත මගින් නියාමනයට ලක්වුණේ නෑ. නමුත් විද්‍යුත් වාහන වැඩිමීත්, විදුලි ආරෝපණ මධ්‍යස්ථාන වැඩිවීමත් සමග වෙනමම වෙළඳපොළක් නිර්මාණය වි තිබෙනවා. ඊට අදාළව මිල පාලනය, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තාක්ෂණික වශයෙන් ප්‍රමිත ආරක්ෂා කිරීම වගේ දේවල් අපට බලන්න සිදුවෙනවා. ඒ අනුව වාහන පාරිභෝගිකයන්ගෙන් වගේම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අයගෙනුත් කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදරිපත් වී තිබෙනවා.

Q විදුලි ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා මෙතෙක් ගෙන ඇති පියවර කුමක්ද?

මෙහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව දැනුවත් කිරීමට හැකියාවක් ලැබුණා. රජය විසින් තීන්දුවක් ගත්තා පනත බල ගැන්වීම හරහා මේ සම්බන්ධයෙන් වෙන බලතල කොමිෂන් සභාවට ලැබෙන පරිදි විදුලි සැපයීම යන නිර්වචනය කිරීමේදී වාහන වලට විදුලිය සැපයීමත් යන්න ආවරණය වන ආකාරයට පනතේ වගන්තිය සංශෝධනය කිරීමට. ඒ අතර තුළ මේ පිළිබඳව නියාමනය කිරීමට කොමිෂන් සභාවට බලතල පවරා දුන්නා මේ අවුරුද්දේ මුල් කාලයේදී.

ආර්ථිකමය වශයෙන් ගත්විට මිල ගණන්, ආරක්ෂාව වශයෙන් ගත්විට පාරිභෝගියක්ගේ ආරක්ෂාව, පාරිභෝගියකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මධ්‍යස්ථාවලට අවශ්‍ය පහසුකම්, ඔවුන්ට තිබෙන ගැටලු මොනවාද යන්න වැනි කරුණු පිළිබඳව අප අවධානය යොමුකර තිබෙනවා.

 

Q නියාමනය කුමන කාලයකදී ආරම්භ වෙයිද?

දැනට මේ කරුණු පිළිබඳව මහජන උපදේශනයක් සකස් කර තිබෙනවා. මේ හරහා විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගෙන උපමාන, මාර්ග උපදේශන, ප්‍රමිත, ආදිය නිර්මාණය අපි මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බොහෝ දුරට අවසන් ප්‍රමිත මේ අවුරුද්ද අග භාගයේදී හෝ ලබන වසරේ මුල භාගයේදී ක්‍රියාත්මක වේවි.

Q ගාස්තු වෙනසක් වෙයිද?

ගාස්තු වෙනසක් සිදුවෙන්නේ නෑ. නමුත් ඒකමතික ගාස්තු ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි උදාහරණක් ගත්තොත් කොළඹ අවට කිලොවොට් පැයකට රුපියල් 50ක් පමණත් දුර බැහැරව රුපියල් 70ක් පමණත් අය කරනවා. නමුත් එය නිවැරදි නෑ. මොකද කොහේ ගියත් විදුලි මිල එකයි. ඒ අනුව ගාස්තු ක්‍රමය නිශ්චිත මට්ටමකට ගෙන ඒම අවහ්‍යයි.

Q  නියාමනය මගින් ආරෝපණ මධ්‍යස්ථාන මගින් පවත්වාගෙන යන අයට ගැටලුවක් ඇතිවෙයිද?

නෑ. ආරෝපණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන අය මුහුණපාන ගැටලු තිබෙනවා. ඒ අයට ලබාදෙන ගාස්තුව මොකක්ද? පාරිභෝගික කාණ්ඩය මොකක්ද යනාදී වශයෙන්. නව ප්‍රමිත හරහා මේ ප්‍රශ්නවලට මැදිහත්වීමක් හා විසඳුම් ලැබීමක් වෙනවා. කිසිම පාර්ශ්වයකට අවාසියක් වෙන්නේ නෑ.