විදුලි ගාස්තු

ශ්‍රී ලංකාව තුල විදුලි සැපයුමේ ගුණාත්මක භාවය පවත්වාගත යුතු ආකාරය දැක්වෙන නියොගයක් විදුලිබල (බෙදාහැරීම්) කාර්ය සාධන ප‍්‍රමිති නියෝග (රෙගුලාසියක්) ලෙස හඳුන්වාදී තිබේ.

 

ගාස්තු ක්‍රමවේදය

ගාස්තු සැකසීමේදී නියාමන අධිකාරිය විසින් පාරිභෝගිකයාට සේවාව සැපයීමට බලපත්‍රලාභියා කොපමණ මුදලක් වැයකරනවාද යන්න සොයා බලයි. නමුත් ව්‍යාපාරය කළමනාකරණය කරනු ලබන්නේ බලපත්‍රලාභියා විසිනි. ගාස්තු තීරණය කරනු ලබන්නේ නියාමකයා විසිනි. ගාස්තු ක්‍රමවේදයක පරමාර්ථය වන්නේ පාරිභෝගිකයා දැරිය යුතු සාධාරණ ගාස්තුව නිර්ණය කිරීමයි. විදුලිබලය සැපයීමට අදාළව ඉටුකල යුතු ප්‍රධාන කාර්යයන් ත්‍රිත්වය එනම් උත්පාදනය සම්ප්‍රේශණය හා බෙදාහරීම යන කාර්ය තුනෙහිම වියදම සලකා බැලිය යුතුය.

වියදම් මොනවාද සහ කොපමණ වියදම් වනවා ද යන ප්‍රශ්න දෙකට පිළිතුරු සලකා බලා ගාස්තුව නිර්ණය කරනු ලැබේ. මෙම ප්‍රශ්න දෙකට පිළිතුරු බලපත්‍ර ලාභියා විසින් තීරණය කර නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා ඉදිරිපත්කරනු ලැබේ. නියාමන අධිකාරිය ඉදිරිපත්කරන ලද වැය අයිතමයන්ගේ නිරවද්‍යතාවය හා අදාළබාවය පරීක්ෂා කරයි. ගාස්තු නීර්ණ ක්‍රියාවලියේදී මහජන උපදේශනය වැදගත් උපාංගයක් ලෙස භාවිත වේ. එහිදී ඕනෑම පාර්ශ්වයකට අදහස් ඉදිරිපත් කළ හැකි අතර බලපත්‍රලාභියා විසින් සිය යෝජනාවලියෙහි දක්වා ඇති පිරිවැය අභියෝගයට ලක්කිරිමට මහජන උපදේශනය සියලු පාර්ශ්වයන්ට ලැබෙන ඉඩ ප්‍රස්තාවකි.