පාරිභෝගිකයා
විදුලි පාරිභෝගිකයා යනු දැනට බෙදාහැරීමේ බලපත්‍රලාභියාගෙන් විදුලිය සේවාවක් ලෙස ලබාගන්නා හෝ විදුලිය ලබාගැනීමට අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයයි.
විදුලි පාරිභෝගික අයිතිවාසිකම්

විදුලි පාරිභෝගිකයා යනු දැනට බෙදාහැරීමේ බලපත්‍රලාභියාගෙන් විදුලිය සේවාවක් ලෙස ලබාගන්නා හෝ විදුලිය ලබාගැනීමට අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයයි.

විදුලි පාරිභෝගිකයා සතු සේවා සපයන බලපත් ලාභියාගෙන් ඉටුවිය යුතු අයිතිවාසිකම් හා පාරිභෝගිකයාගෙන් ඉටුවිය යුතු වගකීම පනතේ ප්‍රකාරව විදුලි පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් සංග්‍රහයක් ලෙස ඉදිරිපත් කර ඇත

පැමිණිලි විසදීමේ ක්‍රියාපටිපාටිය

ඔබට ලැබෙන විදුලිබල සේවය පිලිබඳ ඔබට පැමිණිලි කිරීමට තිබේද? එසේත් නැතිනම් ඔබ කළ පැමිණිල්ලට ලැබුණු පිළිතුර පිලිබඳ ඔබ සැහීමකට පත් නොවේද? එවිට ඔබේ පැමිණිල්ල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමුකළ හැකිය. පිළිගත් ක්‍රියාපටිපාටියක් තුලින් ඔබේ ගැටලුව විසදන ආකාරය පැමිණිලි විසදීමේ ක්‍රියාපටිපාටියයි. 

පැමිණිල්ලක් යනු.

පැමිණිල්ලක් යනු : විදුලි සේවාව සපයන ආයතනය මගින් ලබාදුන් සේවාව අතෘප්තිකරනම් එය පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කල හැක.

ආරවුලක් යනු : පාරිභෝගික ඔබ සේවාසපයන ආයතනය ලබාදුන් විසදුම සමග එකඟ නොවන්නේනම් එය ආරවුලක් ලෙස සලකනු ලැබේ.