මහජන උපදේශනය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනතෙහි 18 වන වගන්තිය ප්‍රකාරව මහජන උපදේශනය පැවැත්වෙන අතර උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලිඛිතව සහ වාචිකව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසනු ලැබේ.

මහජන උපදේශනය

කොමිෂන් සභාව විසින් මහජන සුභසිද්ධිය පිණිස අවශ්‍ය යැයි සලකනු ලබන කරුණුවලට අදාළව තීරණයක් ගැනීමට පෙර සියළු පාර්ශ්වයන්ගෙන් අදහස් විමසීමට පියවර ගනු ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා පනතෙහි 18 වන වගන්තිය ප්‍රකාරව මහජන උපදේශනය පැවැත්වෙන අතර උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලිඛිතව සහ වාචිකව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසනු ලැබේ.

සියළු අදහස් සලකා බලා අවශ්‍ය නියාමන උපකරණ නිර්මානය කිරීම ඉන් අනතුරුව සිදුකරනු ලැබේ.