ලිහිසි තෙල් කර්මාන්තය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට ලිහිසිතෙල් වෙළඳ පොළ ඡායා නියාමන ආයතනය ලෙස  කරයි.

ලිහිසිතෙල් වෙළඳපොල නිදහස් කිරීම සහ ශ්‍රී ලංකේය ප්‍රමිතිය සැකසීම

ලිහිසි තෙල් වෙළඳපොල ඇතුළු සමස්ත ඛනිජතෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා කොමිෂන් සභාව වෙත බලතල ලබාදෙන පෙට්‍රෝලියම් නිශ්පාදන (විශේෂ ප්‍රතිපාදන) (සංශෝධිත) පනත සහ ලංකා පෙට්‍රෝලියම් සංස්ථා (සංශෝධිත) පනත, යන පනත් සඳහා සංශෝධන සිදුවෙමින් පවතී. එම සංශෝධන බලාත්මක වන තෙක් කොමිෂන් සභාව ඛණිජ තෙල් කර්මාන්තයෙහි ඡායාමාත්‍ර නියාමන සඳහා පැවරී ඇති බලතල අනුව ක්‍රියාත්මක වේ.

1999 දී ලිහිසිතෙල් වෙළඳපොල අර්ධ වශයෙන් නිදහස් කර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් අවම ශ්‍රී ලංකා ප්‍රමිතිය සකසන තෙක්, රථවාහන ලිහිසි තෙල් සඳහා අවම අන්තර්කාලීන ප්‍රමිතීන් රජය විසින් පනවන ලදී.

අවම අන්තර්කාලීන ප්‍රමිතීන් වලට පදනම් වූයේ ඇමෙරිකානු පෙට්‍රෝලියම් ආයතනය (), ජපන් ඔටෝමොබයිල් ප්‍රමිති සංවිධානය () ආදී අන්තර්ජාතික සංවිධානයන්හි

ලිහිසි තෙල්

ලිහිසි තෙල් (උදා: එන්ජින් ඔයිල්, ගියර් ඔයිල්, ස්වයංක්‍රීය ලෙස සම්ප්‍රේෂණය වන දියර ආදිය) යනු යන්ත්‍රෝපකරණවල ඇති ප්‍රචලනය වන උපාංග දෙක අතර ඇතිවන ඝෘජු ඝර්ෂණය වලක්වන දියර හෝ අර්ධ දියර ද්‍රව්‍යයක් වේ.

ලිහිසි තෙල් සඳහා වන ප්‍රමිතින් කුමක්ද?

ඇමෙරිකානු ඛණිජතෙල් ආයතනය (API), ජපන් මොටර් රථ ප්‍රමිති ආයතනය (JASO) සහ පුද්ගලික නිෂ්පන්න උපකරණ නිෂ්පාදන සමාගම වැනි ආයතනයන් විසින් නිකුත් කරන ලද ප්‍රමිතින් මගින් ජාත්‍යන්තර වෙළඳපොළහි ලිහිසි තෙල් වල ගුණත්වය පාලනය කරනු ලැබේ.

මේ අතරතුර ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය API, JASO සහ ප්‍රමිති පරීක්ෂණ සහ තොරතුරු සඳහා වන ඇමෙරිකානු (ASTM) ආයතනයේ ප්‍රමිතින්ට අනුව ලිහිසි තෙල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිතින් සකස් කිරීමේ ක්‍රියාවලියෙහි නිරතව සිටී.

ලිහිසි තෙල් වර්ගය API ප්‍රමිතිය
ගැසලීන් එන්ජින් ඔයිල් API SJ, API SL, API SM
ඩීසල් එන්ජින් ඔයිල් API CF, API CF-2, API CG-4, API CH-4, API CL-4, API CJ-4
ටූ – ස්ට්‍රෝක් එන්ජින් ඔයිල් API TC, JASO FC
ෆෝ – ස්ට්‍රෝක් මෝටර්සයිකල් එන්ජින් ඔයිල් API SG සහ JASO MA
ස්වයංක්‍රීය ගියර් ඔයිල් API GL 4
ස්වයංක්‍රීය ලෙස සම්ප්‍රේෂණයවන දියර Dexron II 2D, Dexron III, Mercon, Allison C 4, JASO M315 type Group 1
API – අමෙරිකානු ඛණිජතෙල් ආයතනය
JASO – ජපාන ඔටොමොබයිල් ප්‍රමිති සංවීධානය
DEXRON – ජෙනරල් මෝටර්ස් ඉන්ටර්නැෂනල් විසින් දියුණු කළ ප්‍රමිතීන්
MERCON – ෆෝඩ් මෝටර් රථ සමාගම විසින් දියුණු කළ ප්‍රමිතීන්
ALLISON – ඇලිසන් ට්‍රාන්ස්මිෂන් සමාගම දියුණු කළ ප්‍රමිතීන්
NLGI – අමෙරිකානු ජාතික ලිහිසි තෙල් හා ග්‍රීස් ආයතනය