විදුලි බලයෙන් ආරක්ෂාව
නිවසේ පුද්ගලයෙකුට හානියක් සිදුවිය හැකි ප්‍රමාණයේ  විදුලි කාන්දුවක් සිදුවූ වහාම ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක්වී නිවසේ විදුලි සැපයුම විසන්ධි කරනු ලබයි. මේනිසා යමෙකුට විදුලි සැර වැදුනත් මියයාමට තරම් වේලාවක් කාන්දුව සිදුවීමට ඉඩ නොතබා ට්‍රිප්ස්විචය විදුලි සැපයුම නවතාදමනු ලබයි

විදුලිය කියන්නේ අපේ ජීවිත වලට අත්‍යාවශය ශක්ති ප්‍රභවයක්, මෙතරම් ප්‍රයෝජනවත් විදුලිය දැනුවත්ව සහ ඉතා පරිස්සමින් භාවිතා නොකලහොත් ඛේදනීය ප්‍රතිඵල අත්විදීමට සිදුවනවාට සැකයක් නැහැ.

2008 සිට 2017 වසර දක්වා විදුලි අනතුරු නිසා මියගිය අය පිලිබඳ දත්ත සටහන

ඔබ විදුලියෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද?

නිවසේදී

නිවසේ සවිකර ඇති ට්‍රිප් ස්විචය නිසියාකාරව ක්‍රියා කරනවාද යන වග මසකට වරක්වත් පරීක්ෂාකර බලන්න

නිවසේ පුද්ගලයෙකුට හානියක් සිදුවිය හැකි ප්‍රමාණයේ  විදුලි කාන්දුවක් සිදුවූ වහාම ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක්වී නිවසේ විදුලි සැපයුම විසන්ධි කරනු ලබයි. මේනිසා යමෙකුට විදුලි සැර වැදුනත් මියයාමට තරම් වේලාවක් කාන්දුව සිදුවීමට ඉඩ නොතබා ට්‍රිප්ස්විචය විදුලි සැපයුම නවතාදමනු ලබයි.

මෙමගින් විදුලිය භාවිතා කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසනු ලබයි. මේ නිසා ඔබගේ නිවසේ විදුලි පද්ධතියට සවිකල , නිවැරදි සංවේදීතාවයකින් යුත් ට්‍රිප් ස්විචයක් පැවතීම අනිවාර්යය වේ.

(ඔබ නිවසේ විදුලි සැපයුමට සුදුසු ට්‍රිප් ස්විචයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණු 5ක්)

 භූගත වයරය නිවැරදිව පොලවට සම්බන්ධව පැවතීම

ඔබ නිවසේ පිටත ලෝහමය ආවරණයක් සහිත විදුලි උපකරන බොහොමයක් පවතී. විදුලි ස්ත්‍රීක්කය, විදුලි කේතලය එවැනි උපකරන කිහිපයකි. මෙම ලෝහමය ආවරනයට විදුලිය කාන්දුවීම නිසා එය භාවිතාකරන අය විදුලි අනතුරුව්ලට ලක්වේ. ඔබ නිවසේ භූගත වයරය නිවැරදිව භූගතව ඇත්නම් කාන්දුවන විදුලියමගින් ඔබට හානියක් නොවනු ඇත.

නඩත්තු කටයුත්තක් කිරීමේදී

ඔබ නිවසේ විදුලිය සම්බන්ධව කුඩා නඩත්තු කටයුත්තක් කිරීමේදී (විදුලි බුබුලක් මාරු කිරීමේදී) පලමුව ප්‍රධාන ස්විචය විසන්ධි කිරීමට වග බලාගන්න.

 

විදුලි කාර්මිකයෙක් තෝරාගැනීම

ඔබගේ නිවස රැහැන් ගැන්වීමේදී සහ නඩත්තු කටයුත්තක් සිදුකිරීමේදී වෘතීය සුදුසුකම් සහිත පලපුරුදු විදුලි කාර්මිකයෙක්ගේ සහය ලබාගන්න.

 

(ඔබ විදුලි කාර්මිකයෙකු තෝරාගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු 5ක් )

හානි වූ රැහැන් සහිත විදුලි උපකරණ භාවිතයෙන් වැලකීම

හානි වූ රැහැන් සහිත විදුලි උපකරණ භාවිතයෙන් ඉවත් කිරීම හෝ විදුලිය කාන්දු නොවන පරිදි ආරකිශිත ආවරන යෙදීමට කටයුතු කරන්න. අනාරක්ෂිත රැහැන් විශේෂයෙන් ඔබේ දරුවා අනතුරේ හෙලනු ඇත

 

විදුලි රැහැන් සහ ගොඩනැගිලි අතර තිබියයුතු අවම දුර

විදුලි රැහැන් සහ ගොඩනැගිලි අතර තිබියයුතු අවම දුරරෙගුලාසිය බලන්න

විදුලි රැහැන් හා ගොඩනැගිලි අතර පැවතිය යුතු අවම පරතර සම්බන්ධයෙන් නව රෙගුලාසියක් ක්‍රියාවට නගා තිබේ. මෙම රෙගුලාසිය මගින් ඉදිකිරීම් හා විදුලි රැහැන් අතර පැවතිය යුතු අවම සිරස් හා තිරස් පරතර අනිවාර්ය කර ඇත.

විදුලි රැහැන් සහ ගොඩනැගිලි  ඒවා අතර පැවතිය යුතු දුර රෙගුලාසියකින් ප්‍රකාශයට පත් කොට ඇත. මෙම පරතරයන් විදුලි රැහැනේ ගෙනයන විදුලියේ තීවෘරතාව අනුව වෙනස් වේ.

මෙමෙ රෙගුලාසියට අනුව නව ඉදිකිරීමක් සිඳුකිරීමේදී ගොඩනැගිල්ල සහ රැහැන් අතර නිසි පරතරය නොමැතිවිට ගොඩනැගිල්ල ඉදි කිරීමට අවසරය පලාත් පාලන ආයතනය මගින් ඔබට නොලැබෙනු ඇත.

 

Nominal Voltages සිරස් දුර තිරස් දුර
වෝල්ට් 1000 අඩු 2.40 m 1.50 m
වෝල්ට් 1000 වැඩි වෝල්ට් 11,000 අඩු 2.70 m 1.50 m
වෝල්ට් 11,000 වැඩි 33,000 අඩු 3.00 m 2.00 m
වෝල්ට් 33,000 වැඩි 132,000 අඩු 4.10 m 4.10 m
වෝල්ට් 132,000 වැඩි 220,000 අඩු 5.18 m 5.18 m

 

තවද මෙම රෙගුලාසිය මගින් මාර්ග හරහා විදුලි රැහැන් ඇදීමේදී, මාර්ග ඔස්සේ විදුලි රැහැන් ඇදීමේදී, වාහනයක් පිවිසිය හැකි ස්ථානවලට සහ වාහනයක් පිවිසිය නොහැකි ස්ථානවල විදුලි රැහැන් වලට තිබිය යුතු පරතරයන් ප්‍රකාශයට පත්කර ඇත

Nominal Voltages මාර්ග හරහා විදුලි රැහැන් ඇදීමේදී මාර්ග ඔස්සේ විදුලි රැහැන් ඇදීමේදී වාහනයක් පිවිසිය හැකි ස්ථානවලට වාහනයක් පිවිසිය නොහැකි ස්ථානවල
වෝල්ට් 1000 අඩු 5.5 m 4.9 m 4.9 m 4.6 m
වෝල්ට් 1000 වැඩි වෝල්ට් 11,000 අඩු 6.1 m 5.2 m 5.2 m 4.6 m
වෝල්ට් 11,000 වැඩි 33,000 අඩු 6.4 m 6.1 m 6.1 m 4.9 m
වෝල්ට් 33,000 වැඩි 132,000 අඩු 6.7 m 6.7 m 6.7 m 6.7 m
වෝල්ට් 132,000 වැඩි 220,000 අඩු 7.0 m 7.0 m 7.0 m 7.0 m