ගෘහස්ථ සූර්‍ය පැනලයක් සවිකරගන්නා පටිපාටිය
ඔබගේ නිවසේ හෝ සේවා ස්ථානයේ සුර්ය පැනලයක් පිහිටුවීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

පළමු පියවර

සූර්ය බලාගරය සවිකරන්න ආයතනයක් තෝරා ගැනීම.

    • සූර්ය බලාගාර සවිකරන ආයතන විශාල ප්‍රමානයක් ඇතත් ඔබ තෝරාගත යුත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපද්න්චි ආයතනයකි. එසේ නොවන ආයතනයක් විසින් සවි කරනු ලැබූ බලාගාරයක් ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කිරීමේදී ගැටළු ඇති විය හැක.සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදින්චි ආයත ලයිස්තුව
    • තෝරා ගත් ආයතනය මගින් ඔබට අවශ්‍ය ධාරිතාවයට සපුරාලන සූර්ය පැනල සහ ඉන්වර්ටරය සවි කරනු ලැබේ.
    • සූර්ය පැනලයක් තෝරා ගැනීමේදී “A” වර්ගයට අයත් සූර්‍ය පැනල සවිකිරීමට වගබලා ගන්න. එම පැනල වල කාර්‍යක්ෂමතාව සහ කල් පැවඇත්ම ඉහල වේ.

 

 

දෙවන පියවර

ආදායමක් ලබා ගැනීමේ අරමුණින් විදුලි උත්පාදනය කිරීම (Net Accounting and Net Plus)

  • නෙට් එකවුන්ටින් (Net Accounting)
    • මෙම ආකාරයෙදී ඔබ උත්පාදනයා කරන ඒකක ප්‍රමාණයෙන් මාසිකව පරිභෝජනය කළ විදුලි ඒකක ප්‍රමාණය අඩුකර, වැඩිපුර උත්පාදනය කෙරුනු ඒකකයකට රු. 22.00 (වසර 7ක් දක්වා) බැගින් සේවා සපයන්නා ඔබට ගෙවනු ලැබේ. (මුල් වසර 7න් පසුව එක් ඒකකයකට රු 15.50 බැගින් ගෙවනු ලැබේ.).
    • ඔබ පාරිභෝජනය කල ඒක ප්‍රමානය වැඩිනම් ඊට අදාල විදුලි බිල ගෙවිය යුතුවේ.
    • නෙට් ප්ලස්
      • මෙහිදී ඔබ උත්පාදනය කල විදුලි ඒකක ප්‍රමානය ඒකකයකට රු 00 බැගීන් ගෙවෙනු ලබන අතර ඔබ පාරිභෝජනය කල විදුලි ඒකක ප්‍රමානයට බිල් පත වෙනම ලැබෙනු ඇත.