විදුලි පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම්
විදුලි පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම්

2015 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද විදුලිබල පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් ප්‍රකාශයේ පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් හා බැඳීම් දක්වා ඇත.

විදුලිබල පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ ප්‍රකාශය ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම ප්‍රාදේශීය ඉංජිනේරුවන්ගේ කාර්යාලවල, ලංකා විදුලි පුද්ගලික සමාගමේ ශාඛා කළමනාකරුවන්ගේ කාර්යාලවල සහ ඔවුන්ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ සියලුම ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යාලවලින් ලබා ගත හැකිය. අපගේ වෙබ් අඩවියෙන් ද ලබා ගත හැකිය.