නිතර නැගෙන ගැටළු
විදුලි බලය සම්බන්ධයෙන් නිතර පාරිභෝගිකයන්ගෙන් ඉදිරිපත්වන ගැටළු.

විදුලිබල සැපයුම හා සම්බන්ධයෙන් ඔබේ අයිතිවාසිකම් මොනවාද?

විදුලිබල සැපයුම හා සම්බන්ධයෙන් වන ඔබගේ අයිතිවාසිකම් යනු විදුලිබල සැපයුම හා භාවිතය සදහා ඔබට ඇති නිදහස වේ.

විදුලිබල පාරිභෝගිකයෙකු වශයෙන් ඔබේ වගකීම් මොනවාද ?

විදුලිබල සැපයුම හා භාවිතයට අදාලව ඔබ විසින් සපුරාලිය යුතු අවශ්‍යතා ඔබගේ වගකීම් ලෙස දැක්විය හැක. එම අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් දඩයකට යටත්වීමට ද සිදුවනු ඇත.

විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කර ඇති අතර එය 2015 ජනවාරි 01 වැනිදා සිට බලාත්මකය. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ ශාඛා කාර්යාලවල සහ ඔවුන්ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල, සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරි කාර්යාලවලද විදුලිබල පාරිභෝගික අයිතිවාසිකම් හා වගකීම් ප්‍රකාශනයෙහි පිටපත් තබා ඇත. කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.pucsl.gov.lk පිවිසීමෙන් ද මෙහි පිටපත් පරිශීලනය කළ හැකිය.

පැමිණිලි ඉදිරිපත් වියහැකි ප්‍රධාන සේවාවන්