මහජන උපදේශනය වයඹ පළාත- කුරුණෑගල

වීථි ලාම්පු කළමණාකරණය පිළිබඳ යෝජිත ජාතික සැලැස්ම හා විදුලි, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සැකසීම පිළිබද වයඹ පළාත් මහජන උපදේශනය මහනුවරදී පැවත්විණි

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය හා ජල සේවා, ඛනිජ තෙල් කර්මාන්ත සඳහා නම් කල නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සියළුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශන මාලාවක් ආරම්භ කර තිබේ. වීථි ලාම්පු කළමණාකරණය සඳහා යෝජිත ජාතික සැලැස්මට මහජන අදහස් ලබාගැනීම හා විදුලි, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා මෙම මහජන උපදේශන මාලාව පැවත්වේ. මෙම මහජන උපදේශන මාලාවේ ප්‍රථම උපදේශනය මාර්තු 29 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

වයඹ පළාත් මහජන උපදේශනය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ඔක්තෝබර් 30 වැනි දින පැවත්විණි. මේ සඳහා දකුණු පළාතේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරිකයින් හා දකුණු පළාතේ පාරිභෝගිකයින් නියෝජනය කරමින් 500කට අධික පිරිසක් සහභාගි විය.

මෙරට විථි ලාම්පු කළමණාකරණය පිළිබඳ ජාතික සැළැස්මක් මේ වන විට සකසා තිබේ. ඒ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ද සහාය ඇති ව. යෝජිත ජාතික සැළැස්ම පිළිබඳ මහජනතාව ට ද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇත. දිවයිනේ සියලුම් පළාත් සභා, පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයින් හා මහජනතාවගේ යෝජනා ද එක් කර යෝජිත සැලැස්ම තවදුරටත් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි. සියළුම පළාත් වල මහජන අදහස් හා යෝජනා ලබාගත් පසු අවසන් සැලැස්ම රජයේ අනුමැතිය ද සහිතව මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාවට නැගීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි. විථී ලාම්පු කළමනාකරණය පිළිබද ජාතික සැලැස්ම මගින් වීථි ලාම්පු වල ගුණාත්මකභාවය, නඩත්තුව හා සවිකිරීම පිළිබඳ පටිපාටි, තාක්ෂණික පිළිවිතර, වීථි ලාම්පු වල බලශක්තිය සඳහා වැය වන වියදම් ආදි සියලුම අංශ ආවරණය පරිදි විසඳුම් යෝජනාවලියක් ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වේ.

මෙම ප්‍රාදේශීය මහජන උපදේශන පැවත්වීමේ තවත් අරමුණක් වන්නේ විදුලි, පානීය ජල හා ඛණිජ තෙල් පාරිභෝගික ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා මෙම විෂයන් බාර රාජ්‍ය ආයතන සමග එක්ව යෝග්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ හඳුනාගැනීමය. විශේෂයෙන් විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙ වන විටත් විදුලි පාරිභෝගික පැමිණිලි විසදීම සඳහා මාර්ගෝපදේශ සකස් කර ඇත. මෙම මාර්ගෝපදේශ පිළිබද විදුලි පාරිභෝගිකයින්ටද අදහස් ඉදිරිපත් කර හැකි අතර එවැනි අදහස් හා යෝජනා අනුව මාර්ගෝපදේශ තවදුරටත් යාවත්කාලීන කෙරෙනු ඇත. ඊට අමතරව මෙම ප්‍රාදේශීය මහජන උපදේශන වලදී  පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු සම්බන්ධයෙන්ද මහජනතාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කීරීමට අවස්ථාව සලසා ඇත. එම අදහස් හා යෝජනා මත පදනම් වී පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

ප්‍රාදේශීය මහජන උපදේශන මාලාවේ ප්‍රථම අදියරේදී පළාත් සභා 9 ආවරණය කරමින් උපදේශන 9ක් පැවත්වීමට පියවර ගෙන ඇත. ලබන අගෝස්තු මාසය වන විට මහජන උපදේශන මාලාවේ ප්‍රථම අදියර අවසන් කිරීමට නියමිත අතර විසදුම් යෝජනා මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරනු ඇත. ප්‍රාදේශීය මහජන උපදේශන මාලාවේ තෙවැනි උපදේශනය ජුනි මාස 19 වැනි දින රත්නපුරයේදී පැවත්වීමට නියමිත ය.

Event Date: 30 Sep 2018 - 30 Oct 2018