මහජන උපදේශනය උතුරු පළාත- යාපනය

වීථි ලාම්පු කළමණාකරණය පිළිබඳ යෝජිත ජාතික සැලැස්ම හා විදුලි, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සැකසීම පිළිබද උතුරු පළාත් මහජන උපදේශනය යාපනයේදී පැවත්විණි

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය හා ජල සේවා, ඛනිජ තෙල් කර්මාන්ත සඳහා නම් කල නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සියළුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශන මාලාවක් ආරම්භ කර තිබේ. වීථි ලාම්පු කළමණාකරණය සඳහා යෝජිත ජාතික සැලැස්මට මහජන අදහස් ලබාගැනීම හා විදුලි, පානීය ජල හා ඛනිජ තෙල් පාරිභෝගික ගැටළු විසඳීමේ යාන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා මෙම මහජන උපදේශන මාලාව පැවත්වේ. මෙම මහජන උපදේශන මාලාවේ ප්‍රථම උපදේශනය මාර්තු 29 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

උතුරු පළාත් මහජන උපදේශනය යාපනය චෙල්වා පැලස් හෝටලයේදී සැප්තැම්බර් 27 දින පැවැත්වේ 

Event Date: 20 Aug 2018 - 27 Sep 2018