විදුලි බල කර්මාන්තය
විදුලිය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම හා සම්බන්ධ භෞතික සංසිද්ධි සමූහයකි.
විදුලි බල කර්මාන්තය

විදුලිබලය සැපයීම ජාලයක් සම්බන්ධ කර්මාන්තයකි. පාරිභෝගිකයාගේ නිවස වෙත විදුලිය සැපයීමේ ක්‍රියාවලිය තුල ඊට අදාළ ක්‍රියාවලි රාශියක් සිදුවේ. එම නිසා ජාලය තුල සිදුවන සියලු ක්‍රියාවලීන් සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයා ගෙවිය යුතු ගාස්තුව තීරණය වෙයි.

ජාලය තුල සිදුවන ප්‍රධාන ක්‍රියාවලියන් පහත දැක්වේ:

  • විදුලි උත්පාදනය
  • විදුලි සම්ප්‍රේෂණය
  • විදුලිය බෙදාහැරීම

විදුලි ගාස්තුව තීරණය කිරීමේදී මේ සියලු කරුණු සැලකිල්ලට ගත යුතු වෙයි.

සේවා සපයන්නා පිරිවැයද පාරිභෝගිකයාගේ දැරිය හැකි බවද යන කරුණු සැළකිල්ලට ගෙන විදුලි ගාස්තුව තීරණය කිරීමේ වගකීම නියාමන ආයතනයට පැවරේ.

විදුලිබල සම්ප්‍රේෂණය

ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණය ඒකාධිකාරී පරිසරයක පවතින අතර විදුලිබල අංශය වෙනුවෙන්  ලංකා විදුලිබල මණ්ඩලයට සම්ප්‍රේෂණය සඳහා බලපත්‍රය ලබා දී ඇත.

පාලිත වෝල්ටීයතාවයකින් විදුලිබල ජාලයෙන් ඔබේ පරිශ්‍රයට විදුලි සැපයුමක් ලබා දීම යනු විදුලිය බෙදා හැරීමයි. විදුලිය බෙදා හැරීම සඳහා බලපත්‍රයක් ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ලබා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ බලපත්‍රලාභීන්,

ලංවිම බෙදාහැරීමේ අංශය, 1
ලංවිම බෙදාහැරීමේ අංශය, 2
ලංවිම බෙදාහැරීමේ අංශය, 3
ලංවිම බෙදාහැරීමේ අංශය, 4
ලංකා විදුලි පුද්ගලික සමාගම