
මෙම වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ පලපුරුදු විදුලි කාර්මික ශිල්පීන් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම (NVQ-3) පිරිනැමීමේ කඩිනම් වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වේ. අවුරුදු 1 යි මාස 06 කට නොවැඩි කාලයක වෘත්තීයේ නියැලෙන සියලු විදුලි කාර්මිකයින්ට අයදුම් කල හැකිය. විභාග ගාස්තු, පුහුණු වියදම් සහා අවසාන පරීක්ෂණය සදහා පරීක්ෂණ ද්‍රව්‍යවල වියදම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා අනෙකුත් හවුල්කාර පාර්ශවයන් විසින් දරනු ලබයි. පුහුණුව හා පරීක්ෂණ සදහා ඔබට පහසු දිස්ත්‍රික්කයක් තෝරාගත හැකිය.
Online ලියාපදිංචි වීමට facebook.com/pucsl හෝ www.pucsl.gov.lk වෙත පිවිසෙන්න.
ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම හෝ ඊට ඉහල මට්ටමක් ලබාගත් විදුලි කාර්මික ශිල්පීන්ට වෘත්තීය හැදුනුම්පතක් ද පිරිනැමේ.
පහත ක්ෂේත්‍රවල පලපුරුදු කාර්මික ශිල්පීන්ට ද නොමිලේ NVQ 3 සදහා අයදුම් කල හැක.
විදුලිබල ආරක්ෂාව, විදුලි සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය, ජල හා පරිසර සංරක්ෂණය යන කාර්‍යන් ප්‍රශස්ත ලෙස ඉටුකිරීම සදහා කාර්මික ශිල්පීන් බලගැන්වීම හා ප්‍රමිතිගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක ය.
වැඩිදුර විස්තර සදහා 0764271030 අමතන්න
මහාචාර්ය මංජුල ප්‍රනාන්දු
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
06 මහල, ලංකා බැංකු වෙලඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර,
කොළඹ 03.
දුරකථන: (011) 2392607/8
ෆැක්ස්: (011) 2392641