
සමථකරණය, බේරුම්කරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ගය යන ඒවායින් මෙම ආරවුල විසදීම සදහා යෝග්‍ය ක්‍රමය කුමක්දැයි සොයා බලනු ලැබේ.
ආරවුල විසදීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ගය බේරුම්කරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් නම් ඒ පිළිබඳව පාර්ශ්වයන්ට දැනුම් දෙනු ලැබේ.
ආරවුල විසදීම සදහා යෝග්‍ය ක්‍රියා මාර්ගය ලෙස සමථකරණය තෝරාගන්නේනම් ආරවුල් විසදීමේ රීති වල පළමු කොටසේ දක්වා ඇති ක්‍රමවේදය අනුව එම ආරවුල ඊට සම්බන්ධ පාර්ශ්වකරුවන් විසින් විසදාගැනීමෙ සඳහා දැනුවත් කරනු ලැබේ.
අන්‍යොන්‍ය එකගතාවයකින් ආරවුල් විසදාගැනීමට අපොහොසත් වන්නේ නම්, කොමිෂන් සභාවට මැදිහත් වී එය විසඳන්නැයි ඕනෑම පාර්ශ්වයකට ඉල්ලීමක් කළ හැකිය.
කොමිෂන් සභාවෙහි මැදිහත්වීම මත දෙපාර්ශ්වයටම එකඟ විය හැකි විසඳුමකට එළඹුනහොත්, ඒ සම්බන්ධයෙන් සහතිකයක් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ඇත.
දෙපාර්ශ්වයටම එකඟ විය හැකි විසඳුමක් වෙත එළඹීමට නොහැකි වුවහොත් එකඟතාවයක් නැති බවට කොමිෂන් සභාව විසින් සහතිකයක් නිකුත් කරනු ඇත.