
විදුලිබල සැපයුමට අදාළ පැමිණිල්ල පළමුව ඔබේ සේවා සපයන ආයතනයට ඉදිරිපත් කරන්න. එය විසදීම සඳහා ඔබගේ සේවා සපයන ආයතනය පියවර ගනු ඇත.
විදුලි බල සේවාවට අදාළ පැමිණිල්ලක් සේවා සපයන ආයතනයට ඉදිරිපත් නොකර ඝෘජුවම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් නොකළ යුතුය.
(ඔබ අයත්වන සේවා සපයන ආයතන ශාකාව දැනගන්න)
ඔබ ඉදිරිපත්කල පැමිණිල්ල වෙනුවෙන් යොමු අංකයක් ඔබට ලැබෙනු ඇත.
දින 14ක් ඇතුලත හෝ දින 28ක් ඇතුලත විසදුමක්
පැමිණිල්ල ඉදිරිපත් කර දින 14ක් ඇතුලත ඔබට විසදුමක් ලබාදීමට සේවා සපයන ආයතනය බැදී සිටී.
කෙසේ නමුත්, විසදුමක් ලබා දීමට තවදුරටත් විමර්ෂණය කිරීමට සේවා සපයන ආයතනයට සිඳුවේනම්, විසඳුමක් ලබා දීමට තවත් අමතර දින 14ක කාලයක් ලබාගත හැකි අතර ඒ පිළිබඳව ඔබව (පාරිභෝගිකයා) මුල් දින 14 තුල දැනුවත් කල යුතුය.
සේවා සපයන ආයතනයට ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව, අදාල දින වකවානු තුල, එම පැමිණිල්ල සදහා විසදුමක් නොලැබුණි නම් හෝ ලබාදුන් විසඳුම සම්බන්ධව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඔබේ ගැටළුව කොමිෂන් සභාවට ඉදිරිපත් කළ හැකිය.
ඔබේ ගැටළුව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන විට සේවා සපයන ආයතනයට ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි හා අදාල ලියකියවිලි වල පිටපත් ද (තිබේනම්) ඉදිරිපත් කිරීමට කාරුණිකවන්න.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කලහැකි ආකාර
පැමිණිල්ල යොමු කල පසු කොමිෂම් සභාව මගින් යොමු අංකයක් දින— තුල ලබා දෙනු ලැබේ. ඔබ පැමිණිල්ල සමඟ ජංගම දුරක්ථන අංකයක් ලබාදී ඇත්නම් යොමු අංකය ඔබට SMS පණිවිඩයක් ඔස්සේ දින— තුල ලැබෙනු ඇත.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යනයෙන් පසු පාරිභෝගික ඔබේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සදහා සේවා සපයන ආයතනය ගත් ක්‍රියාමාර්ග සාධාරණ නොවන බව පෙනී ගියහොත් ඒ පිළිබඳව සේවා සපයන ආයතනයෙන් නිරීක්ෂණ විමසනු ලැබේ.
එම නිරීක්ෂන ප්‍රථිපල දින —– තුල ඔබට දැනුම් දෙනු ඇත
සේවා සපයන ආයතනය අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබේ.
එම නිරීක්ෂන ප්‍රථිපල දින —– තුල ඔබට දැනුම් දෙනු ඇත
ඔබේ පැමිණිල්ලට අදාලව සේවා සපයන ආයතනය විසින් ගත් පියවර මගින් ඔබගේ අයිතිවාසිකම් කඩවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සේවා සපයන ආයතනයට ඇති වගකීම් ඉටුකරන ලෙස කොමිෂන් සභාව සේවා සපයන ආයතනයට දින —–ක් තුල දන්වයි. එම නිර්දේශ පිළිගන්නේනම් දින 7ක් තුල එම නිර්දේශ ක්‍රියාත්මක කල යුතුය
එසේ නැතහොත් ඔබේ වගකීම් පැහැර හැරීමක් සිදු වී ඇතැයි හෙලි වුවහොත් වඩා ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සදහා එම වගකීම් ඉටුකරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනු ඇත.
ඔබේ ගැටලුව ආරාවුලක් බවට හැගෙන්නේ නම් එවැනි ගැටලු, ආරාවුල් නිරාකරණ පටිපාටිය අනුව විසදීම සදහා පියවර ගනු ලැබේ.