
Event Date: 11 Jun 2025 - 20 Jun 2025
2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම මහජන උපදේශනය පවත්වනු ලැබේ.
පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාවේ විදුලි මරණ 550ක් වාර්තා වී ඇති අතර 2024 වර්ෂය තුළ පමණක් විදුලි මරණ 120ක් වාර්තා වී තිබේ. මෙම විදුලි මරණ වලින් 40% ක් පමණ ට්‍රිප් ස්විච(RCCBs) නොතිබීම හෝ ක්‍රියාකාරී නොවීම හේතුවෙන් සිදුව ඇති අතර ඉන් වැඩිම සංඛාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල සහ ගම්පහ පොලිස් කොට්ඨාශවලිනි. මෙම විදුලි මරණ සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශන වලදී ප්‍රධාන වශයෙන්ම විදුලි ස්ථාපනවල ට්‍රිප් ස්විච(RCCBs) නොමැතිකම, නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ මහජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් සිදුවී ඇති බව අනාවරණය වී ඇති අතර මෙම විදුලි මරණ සියල්ලක්ම පාහේ ක්‍රියාකාරී මට්ටමේ ට්‍රිප් ස්විචයක්(RCCB) සවි කර තිබුනි නම් වලක්වා ගත හැකිව තිබුනි..
මෙම තත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ට්‍රිප් ස්විච(RCCBs) නොතිබීම හෝ ක්‍රියාකාරී නොවීම හේතුවෙන් සිදුවන විදුලි මරණ අවම කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ සහ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් උපදේශන සැසි පැවැත්වීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඇතුලත් උපදේශන පත්‍රිකාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් බාගත කල හැක.
සියලු පාර්ශවකරුවන්ට සහ මහජනතාවට මෙම සැසියට සහභාගි වන ලෙස සහ ඔවුන්ගේ අදහස්, නිර්දේශ, යෝජනා සහ විසඳුම් ඉදිරිපත් කරන ලෙස ආරාධනා කර සිටී.
නියමිත මහජන උපදේශන සැසි:
ගම්පහ දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය
දුරකථනය: 011-2392604-8
ෆැක්ස්: 011-2392641