තනතුරු ඇබෑර්තු- කළමණාකරන සහකාර (තනතුරු සංඛ්‍යාව 01)
තනතුරු ඇබෑර්තු- කළමණාකරන සහකාර (තනතුරු සංඛ්‍යාව 01)

 

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට බහුවිධ යටිතල පහසුකම් නියාමන ආයතනය වශයෙන් ස්ථාපිත කර ඇත. 2009 අංක20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සම්මත කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂණ හා තාක්ෂණ නියාමන ආයතනය වශයෙන් ක්‍රියාත්මක වේ.

පහත සදහන් තනතුරු සදහා සුදුසුකම් සහිත වෘත්තිකයින්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ.

කළමණාකරන සහකාර (තනතුරු සංඛ්‍යාව 01)

(අ) වාර්තාකිරීමේ සම්බන්ධතාවය

අධ්‍යක්ෂ-පාරිභෝගික කටයුතු
(ආ)සුදුසුකම්

  • අ.පො.ස. උසස් පෙල එක් වාරයකදී විෂයයන් 3ක් සමත් වීම (සාමාන්‍ය දැනුම හා පොදු ඉංග්‍රීසි යන විෂයයන් හැරුණු විට)

සහ                                           

  • අ.පො.ස. සාමාන්‍ය පෙල ඉංග්‍රීසි, සිංහල/දෙමල භාෂාවන් සහ ගණිතය විෂයයන්ට සම්මාන සහිතව එක් වරකදී විෂයන් 6ක් සමත් වී තිබීම

(ඇ) අවශ්‍ය පලපුරුද්ද සහ නිපුණතා

  • දත්ත විශ්ලේෂණය පිළිබද පලපුරුද්ද
  • සන්නිවේදන හැකියාව
  • විදුලිබල කර්මාන්තයේ හෝ නියාමන ආයතනයක පලපුරුද්ද අමතර සුදුසුකමක් වේ.

 (ඈ) වයස

  • අවුරුදු 18ත් 30ත් අතර වීම

ඉහත තනතුරු සදහා ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ හිමි වේ. සුදුසුකම් සහ පලපුරුද්ද අනුව කෙටි ලැයිස්තුගතකරන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන අතර සම්මුඛ පරීක්ෂණයේදී දක්වන හැකියාවන් මත පදනම් ව තෝරාගැනීම සිදු වේ.

අයදුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, දුරකතන අංක, උපන් දිනය, වයස, පුරවැසිභාවය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම්කරු පිළිබද නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, දුරකතන අංක  ඇතුලත් කරන ලද.  අයදුම්පත් 21.08.2020 වැනි දින හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608/7 ෆැක්ස්: 011-2392641
ඊමේල්: careers@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk

2020.08.07