තනතුරු ඇබෑර්තු – කළමණාකරන සහකාර (තනතුරු සංඛ්‍යාව 02)
තනතුරු ඇබෑර්තු – කළමණාකරන සහකාර (තනතුරු සංඛ්‍යාව 02)

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත මගින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට බහුවිධ යටිතල පහසුකම් නියාමන ආයතනය වශයෙන් ස්ථාපිත කර ඇත. 2009 අංක20 දරන ශ‍්‍රී ලංකා විදුලිබල පනත සම්මත කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, ආරක්ෂණ හා තාක්ෂණ නියාමන ආයතනය වශයෙන් ක‍්‍රියාත්මක වේ. අයදුම්කරුවන් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුයි

කළමණාකරන සහකාර (තනතුරු සංඛ්‍යාව 02)

(අ) සුදුසුකම්

– අ.පො.ස. උසස් පෙල එක් වාරයකදී විෂයයන් 3ක් සමත් වීම (සාමාන්‍ය දැනුම හා පොදු ඉංග‍්‍රීසි යන විෂයයන් හැරුණු විට) සහ

– අ.පො.ස. සාමාන්‍ය පෙල ඉංග‍්‍රීසි සහ ගණිතය විෂයයන්ට සම්මාන සහිතව එක් වරකදී විෂයන් 6ක් සමත් වී තිබීම

– සමාන තනතුරක වසර 3කට නොඅඩු සේවා පලපුරුද්ද

(ආ) වයස 

– අවුරුදු 25ට වඩා අඩු විය යුතු යි

ආන්තික ප‍්‍රතිලාභ

– සේවකයා සහ පවුල ආවරණය වන වෛද්‍ය ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමය.

– දේපල සහ වාහන ණය පොලී ප‍්‍රතිපූරණය.

– පශ්චාත් උපාධි පාඨමාලා ගාස්තු ප‍්‍රතිපූරණය කිරීම.

 

ඉහත තනතුරු සදහා ආකර්ෂණීය වැටුප් හා ප‍්‍රතිලාභ හිමි වේ.

සුදුසුකම් සහ පලපුරුද්ද අනුව කෙටි ලැයිස්තුගතකරන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවන අතර සම්මුඛ පරීක්ෂණයේදී දක්වන හැකියාවන් මත පදනම් ව තෝරාගැනීම සිදු වේ. අයදුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, දුරකතන අංක, උපන් දිනය, වයස, පුරවැසිභාවය, අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සහ වෙනත් තොරතුරු සහ අයදුම්කරු පිළිබද නිර්දේශ ඉදිරිපත් කල හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, දුරකතන අංක ඇතුලත් කරන ලද. අයදුම්පත් 20.03.2022 වැනි දින හෝ එදිනට පෙර එවිය යුතු වේ. අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.

සභාපති

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ,

ලංකා බැංකුු වෙළඳ කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.
දුරකථන: 011-2392604-8

ෆැක්ස්: 011-2392641

විද්‍යුත් තැපෑල: careers@pucsl.gov.lk

වෙබ් අඩවිය: www.pucsl.gov.lk

දිනය: 2022.03.06