
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ නියාමන ආයතනය වන අතර ජල සැපයුම් සේවා සහ ඛණිජ තෙල් යන කර්මාන්ත සදහා නම්කල නියාමන ආයතනය වේ. නියාමනය වන කර්මාන්තවල පාරිභෝගික අයිතිය ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි ප්රමුඛ කාර්යභාරයකි. නිසි ප්රමිතීන් සකස්කිරීම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවීම පිළිබද අධීක්ෂණය සහ පාරිභෝගිකයින් දැනුවත්කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සදහා පාරිභෝගික උපදේශන කමිටුවක් පිහිටුවා ඇත.
පාරිභෝගික උපදේශන කමිටුවේ සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද යන යන පළාත් නියෝජනය කරමින් එක් එක් පළාත සඳහා සුදුසුකම්ලත් එක් සාමාජිකයෙකුට කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන කාර්මාන්තයන්හි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව පවතී. පාරිභෝගික කමිටුවේ සාමාජිකයන් සඳහා නිතිපතා ගෙවීමක් නොකරන නමුත් එම සාමාජිකයන් විසින් අදාල කාර්යයන් ඉටු කිරීම සඳහා දරනු ලබන උත්සාහයන් වෙනුවෙන් සාධාරණ ගෙවීම් කරනු ලබයි.
අයදුම්කරුවන් පහත සදහන් සුදුසුකම් සපුරාලිය යුතුයි
අයදුම්පත සමග ඉදිරිපත්කළ යුතු අනෙකුත් ලියකියවිලි
පාරිභෝගික උපදේශක කමිටුව සහ එම කමිටුවේ සාමාජිකයන් වෙනුවෙන් බලපාන කොන්දේසි ආදි තොරතුරු කොමිෂන් සභා වෙබ් අඩවියට (www.pucsl.gov.lk) පිවිසීම මගින් හෝ 011-2392607/8 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශය ඇමතීමෙන් ලබා ගත හැකිය.
අයදුම්පත එවන ලිපි කවරයේ වම්පස ඉහල කොටසේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය තීරයෙහි අයදුම්කරන තනතුර සදහන් කල යුතු ය.
අයදුම්පත් 05 අප්‍රේල් 2024 වන දින හෝ එදිනට පෙර පහත ලිපිනයට එවිය යුතු වේ.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,
නො. 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකථනය: 011-2392607/8 ෆැක්ස්: 011-2392641
ඊමේල්: careers@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk
Date: 12/03/2024