2024 වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම
2024 වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම

(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පලකරනු ලබන නිවේදනයයි)

2009 අංක 20 දරන විදුලි බල පනතේ 30 වන වගන්තියට අනුකූලව බෙදාහැරීම් බලපත‍්‍ර ලාභියා (ලංකා විදුලි බල      මණ්ඩලය) විසින් 2024 වර්ෂය සදහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට (මහජන උපදේශනය) ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කරමින් පවතින අතර ඊට අදාල උපදේශන පත‍්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශිලනය කල හැකි ය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා 2024 පෙබරවාරිි 12 වන දින දක්වා බාර ගැනේ. මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමේ අවස්ථාව 2024 පෙබරවාරිි 15 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවත්වේ. ඒ සදහා සහභාගි වීමට ලියාපදිංචිය සදහා දුරකතන අංක 071 862 2800 අමතන්න. 2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම මහජන උපදේශනය පවත්වනු ලැබේ.

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ  පහත සදහන් වෙනත් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කල හැකිය.

 

“2024 වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම”

සභාපති,

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,

අංක 28, සාන්ත මයිකල් පාර,

කොළඹ 03

 

ෆැක්ස් : 011 2392641
ඊමේල් : consultation@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්:  www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl

වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක  0112392607/8 ඔස්සේ හසංක කඹුරුගමුව මහතා අමතන්න

 

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව.

2024.01.23