2023 වර්ෂය සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම
2023 වර්ෂය සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම

(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්නිය යටතේ පලකරනු ලබන නිවේදනයයි)

2009 අංක 20 දරන විදුලි බල පනතේ 30 වන වගන්තියට අනුකූලව බෙදාහැරීම් බලපත‍්‍ර ලාභියා (ලංකා විදුලි බල      මණ්ඩලය) විසින් 2023 වර්ෂය සදහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට (මහජන උපදේශනය) ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් 66.2% ක ආදායම් ඉහළ දැමීමක් ඉලක්ක කෙරේ.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාලව යම් තොරතුරු, ගැටළු හෝ බලපෑම් වේ නම් ඒවා ලිඛිතව ඉදිරිපත්කරන ලෙස සියලූ පාර්ශවයන්ට හා මහජනතාවට මෙයින් ඇරයුම් කරනු ලැබේ. කොමිෂන් සභාව විසින් එම ලිඛිත සැලකීරීම් සළකාබලනු ඇති අතර අවශ්‍ය වෙතොත් වාචික අදහස් දැක්වීම සදහා පාර්ශ්වයන්ට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දන්වනු ඇත.

2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම මහජන උපදේශනය පවත්වනු ලැබේ. මෙවැනිම වූ පුවත්පත් නිවේදනයක් මගින් සහ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය: www.pucsl.gov.lk හරහා ප‍්‍රකාශයට පත් කරනු ලබන මෙවැනිම නිවේදනයක් මගින් මෙම මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවැත්වීමට නියමිත දිනය, වේලාව සහ ස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

උපදේශන පත‍්‍රිකාව www.pucsl.gov.lk  ලබා ගත හැක.

 

මෙම දැන්වීමේ දින සිට දින 21ක් ඇතුළත ලිඛිත අදහස් ඉදිරිපත් කිරීම් පහත ලිපිනය වෙත එවිය යුතු වේ.

“2023 වර්ෂය සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම”

සභාපති,
ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
අංක 28, සාන්ත මයිකල් පාර,
කොළඹ 03

ෆැක්ස් : 011 2392641
ඊමේල් : consultation@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්:  www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl
වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක  0112392607/8 ඔස්සේ කාංචන සිරිවර්ධන මහතා අමතන්න

 

කොමිෂන් සභාවේ අණ පරිදි,

ජනක රත්නායක,
සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව.

2023.01.16