2022 යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් කැදවීම – වාචික අදහස් ලබාගැනීමේ සැසිය
2022 යෝජිත විදුලිගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් කැදවීම – වාචික අදහස් ලබාගැනීමේ සැසිය

(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්නිය යටතේ පලකරනු ලබන නිවේදනයයි.)

2009 අංක 20 දරන විදුලි බල පනතේ 30 වන වගන්තියට  අනුකූලව බෙදාහැරීමේ බලපත්‍ර ලාභියා (ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය) විසින් 2002 වර්ෂය සඳහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පවත්වනු ලබන මහජන උපදේශනයේ වාචික අදහස් ලබාගැනීමේ  සැසිය 2022 ජුලි 28 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙම මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්ති ප්‍රකාරව මහජන උපදේශනය පැවැත්වීමට නියමිත පටිපාටියට අනුකූලව පැවැත්වේ.

මෙම වාචික මහජන උපදේශනයේදී යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ බලපෑම් හෝ ගැටළු හෝ තොරතුරු සම්බන්ධයෙන් වාචිකව කරුණු දැක්වීම් ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට මෙයින් ආරාධනා කෙරේ. වාචික ඉදිරිපත් කිරීම එදිනට (ඔන්ලයින්) සූම් මෙවලම හරහා ද සිදු කළ හැකිය.

2022 ජූලි 28 දිනට නියමිත වාචික ඉදිරිපත් කිරීම් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රමයක් භාවිතා කරමින් ලියාපදිංචි වන ලෙස පාර්ශවකරුවන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අමතන්න: 0718622800
අන්තර්ජාලය මඟින් ලියාපදිංචි වන්න: [Click Here]
වට්ස් ඇප් හරහා ලියාපදිංචි වන්න: 0764271030
ඊමේල්: consultation@pucsl.gov.lk
ෆැක්ස්: (011)2392641

තැපෑල් මගින්:

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය 2022
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
06 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03.

උපදේශන ලේඛනය ලබාගැනීමට පිවිසෙන්න: www.pucsl.gov.lk/notices(Other supporting documents) 

කොමිෂන් සභාවේ අණ පරිදි,
ජනක රත්නායක,
සභාපති
2022 ජූලි මස 21