2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම
2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම

(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පලකරනු ලබන දැන්වීම)

2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම

2009 අංක 20 දරන විදුලි බල පනතේ 30 වන වගන්තියට අනුකූලව බෙදාහැරීම් බලපත‍්‍ර ලාභියා (ලංකා විදුලි බල මණ්ඩලය) විසින් 2023 වර්ෂය සදහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට (මහජන උපදේශනය) ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2023 තෙවන විදුලි ගාස්තු සංශෝධනය ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත.විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සහ ඊට අදාල උපදේශන පත‍්‍රිකාව www.pucsl.gov.lk  වෙබ් අඩවියට පිවිස පරිශිලනය කළ හැකි ය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා 2023 ඔක්තෝබර් 18 වන දින දක්වා බාර ගැනේ. 2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමේ අවස්ථාව 2023 ඔක්තෝබර් 18 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත් වේ.

වාචික මහජන උපදේශනයට සහභාගී වීමට ලියාපදිංචි වීමට 071 862 2800 අමතන්න…

2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම මහජන උපදේශනය පවත්වනු ලැබේ.

2023 වර්ෂයේ තෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් යෝජනා පහත සදහන් ලිපිනයට වෙනත් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

“2023 වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම”

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03

ෆැක්ස් : 011 2392641
ඊමේල් : consultation@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්:  www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl

විද්‍යුත් තැපෑල: consultation@pucsl.gov.lk

වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක  0112392607/8 ඔස්සේ කාංචන සිරිවර්ධන මහතා අමතන්න

මහාචාර්ය මංජුල ප්‍රනාන්දු

සභාපති

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2023.10.02