2023 වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම
2023 වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම

(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පලකරනු ලබන නිවේදනයයි)

2009 අංක 20 දරන විදුලි බල පනතේ 30 වන වගන්තියට අනුකූලව බෙදාහැරීම් බලපත‍්‍ර ලාභියා (ලංකා විදුලි බල      මණ්ඩලය) විසින් 2023 වර්ෂය සදහා යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට (මහජන උපදේශනය) ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කරමින් පවතින අතර ඊට අදාල උපදේශන වාර්තාව 2023 ජුනි 01 වැනි ප්‍රසිද්ධ කරනු ලැබේ. උපදේශන පත‍්‍රිකාව www.pucsl.gov.lk  වෙබ් අඩවියට පිවිස පරිශිලනය කල හැකි ය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා 2023 ජුනි 20 වන දින දක්වා බාර ගැනේ. මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීමේ අවස්ථාව 2023 ජුනි 20 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත් වේ. ඒ සදහා සහභාගි වීමට ලියාපදිංචිය සදහා දුරකතන අංක 071 862 2800 අමතන්න.

අනුමත විදුලි ගාස්තු 2023 ජුනි 30 වැනි දින ප්‍රසිද්ධ කරන අතර 2023 ජුලි 01 වැනිදා සිට බලාත්මක වේ.

2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම මහජන උපදේශනය පවත්වනු ලැබේ.

යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ  පහත සදහන් වෙනත් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කල හැකිය.

 

“2023 වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් විමසීම”

සභාපති,

ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,

අංක 28, සාන්ත මයිකල් පාර,

කොළඹ 03

 

ෆැක්ස් : 011 2392641
ඊමේල් : consultation@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්:  www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl

වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක  0112392607/8 ඔස්සේ කාංචන සිරිවර්ධන මහතා අමතන්න

 

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව.

23.05.2023