2023-2042 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම
2023-2042 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම

(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්නිය යටතේ පලකරනු ලබන නිවේදනයයි)

2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ  (සංශෝධිත පරිදි) 43 වැනි වගන්තිය යටතේ කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) විසින් සකස් කර ඉදිරිපත් කරන ලද 2023-2042 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට (මහජන උපදේශනය) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිසම) තීරණය කර තිබේ.

2023-2042 කාලසීමාව සඳහා ලංවිම විසින් සිදු කරන ලද නවතම විදුලිබල ජනන ව්‍යාප්ති සැලසුම් අධ්‍යයනවල ප්‍රතිඵල මත පදනම්ව මෙම සැලැස්ම සම්පාදනය කර ඇත. මෙම සැලැස්ම, රටේ දැනට පවතින ජනන පද්ධතිය, අනාගත විදුලි ඉල්ලුම සහ අනාගත විදුලි උත්පාදන විකල්පයන් පිළිබඳ පුළුල් දැක්මක් ලබා දෙයි. එහි යෝජිත ව්‍යාපෘති සඳහා සැලසුම් ක්‍රමවේදය, පද්ධති ඉල්ලුම පුරෝකථනය සහ ආයෝජන සහ ව්‍යාපෘති  ඉදිකිරීමේ සැලසුම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද අන්තර්ගත වේ.

මෙම සැලැස්මේ පරමාර්ථය වන්නේ මූලික  සැලැස්ම සඳහා යෝජනා කර ඇති අවම පිරිවැය බලාගාර අනුපිළිවෙල අනුගමනය කිරීම නිර්දේශ කිරීම සහ ඉදිරියේදී බලශක්ති හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමයි. තවද, විශ්වාසනීය විදුලි සැපයුමක් වඩාත් ලාභදායී ලෙස සපුරාලීම සඳහා සැලසුම් කාලසීමාව (ඉදිරි වසර 20) පුරාවට ප්‍රමාණවත් තරම් ස්ථාපිත විදුලි ජනන ධාරිතාවක් පවත්වා ගැනීම සඳහා ඇති ජනන තාක්ෂනයන් පිළිබදවද මෙම සැලසුම අධ්‍යයනය කොට ඇත.

ඉහත මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්ති ප්‍රකාරව පැවැත්වේ.

2023-2042 දිගුකාලීන විදුලි ජනන සැලැස්මේ අන්තර්ගත පහත කරුණු සම්බන්ධයෙන් යම් ගැටළු, අදහස් හෝ යෝජනා වේ  ඒවා ලිඛිතව   ඉදිරිපත්කරන ලෙස සියලු පාර්ශවයන්ට හා මහජනතාවට මෙයින් ඇරයුම් කරනු ලැබේ. කොමිෂන් සභාව විසින් එම ලිඛිත ඉදිරිපත්කිරීම්  සළකාබලනු ඇති අතර අවශ්‍ය වෙතොත් වාචික අදහස් දැක්වීම සදහා පාර්ශ්වයන්ට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දන්වනු ඇත.

  • අනාගත විදුලි ඉල්ලුම
  • යෝජිත විදුලි උත්පාදන තාක්ෂණයන් , ඒවායේ පිරිවැය සහ කාර්යක්ෂමතා පරාමිතීන්
  • සැලැස්ම සඳහා භාවිතා කර ඇති විශ්වසනීයත්වය පිළිබද නිර්ණායක
  • අනාගත ඉන්ධන මිල
  • සැලැස්ම සකස් කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග යෙදුම්
  • යෝජිත මූලික උත්පාදන සැලැස්ම/ බලාගාර පද්ධතියට එකතු කිරීම්
  • අනාගත ඉන්ධන මිශ්‍රනය සහ විවිධාංගීකරණය
  • දේශීය සම්පත් සහ පුනර්ජනනීය තාක්ෂණයන් භාවිතය
  • අනාගත ජනන තාක්ෂණ මිශ්‍රණයේ පාරිසරික බලපෑම

2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව වාචික ඉදිරිපත් කිරීම් සඳහා ද සැසියක් පවත්වනු ලබන අතර ඒ සදහා කැමැත්තක්  දක්වන පාර්ශ්වයන්ට ඉහත කී සැසියේදී ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත. එබැවින්, ලිඛිත ඉදිරිපත් කිරීම සමඟ ඉහත කී වාචික සැසියට සහභාගී වීමට ඔබේ කැමැත්ත ද  සඳහන් කළ හැකිය. මෙවැනිම වූ  නිවේදනයක් මගින් මගින් මෙම මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවැත්වීමට නියමිත දිනය, වේලාව සහ ස්ථානය මහජනතාවට ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. මෙම වාචික අදහස් දැක්වීමේ සැසිය සදහා මාර්ගගත (online) ක්‍රම ඔස්සේද සාභාගී වීමට හැකියාවක් ඇත.

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම මෙතනින් ලබාගත හැක

ලිඛිත ඉදිරිපත් කිරීම් 2022 ඔක්තෝබර් 21 වැනි දිනට පෙර පහත සදහන් මාර්ග හරහා ඉදිරිපත් කල හැක

අන්තර්ජාලයට පිවිසීමෙන් මාර්ගාගත ක්‍රමය හරහා
ඊමේල් : consultation@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්:  www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl

හෝ ලිඛිතව

2023-2042 දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පිළිබඳ මහජන අදහස් විමසීම, ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 3
ෆැක්ස් : 011 2392641

වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක 0770126254 ඔස්සේ සමීර අදිකාරම් මහතා අමතන්න