ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (“කොමිෂන් සභාව”) විසින් 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17(ආ) වගන්තිය සහ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 29(3) වගන්තිය (සංශෝධිත පරිදි) ප්‍රකාරව පුනර්ජනනීය අවශෝෂක අයක්‍රම සමාලෝචනය පිළිබද පාර්ශ්වකරුවන්ගේ උපදේශනයක් පැවැත්වීමට ගෙන ඇති තීරණය පාර්ශ්වකරුවන් වෙත මෙයින් දැනුම්දෙනු ලැබේ.
දිනය සහ වේලාව: 2026 ජූලි 22 (පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා)
ස්ථානය: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), බෞද්ධාලෝක මාවත, කොළඹ 7
පුනර්ජනනීය අවශෝෂක අයක්‍රම සමාලෝචනය පිළිබද උපදේශන ලේඛනය කොමිෂන් සභාවේ වෙබ් අඩවියට (www.pucsl.gov.lk) පිවිසීමෙන් ලබා ගත හැක.
පුනර්ජනනීය යෝජිත අවශෝෂක අයක්‍රම සමාලෝචනය පිළිබද පාර්ශ්වකරුවන්ගේ ලිඛිත අදහස් සහ යෝජනා 2026 ජූලි 22 වන දින දක්වා බාරගනු ලැබේ.
වැඩිදුර තොරතුරු සහ හෝ පැහැදිලි කිරීම් සඳහා කරුණාකර ජයනාත් හේරත් මහතා දුරකථන අංක 077 294 3193 ඔස්සේ සම්බන්ද කරගන්න.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මට්ටම, ලංකා බැංකු වෙළඳ කුළුණ
28, ශාන්ත මයිකල් පාර,
කොළඹ 03