2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැලැස්මේ අන්තර්කාලීන වාර්තාව (2027-2029) පිළිබඳ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම
2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැලැස්මේ අන්තර්කාලීන වාර්තාව (2027-2029) පිළිබඳ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම

(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වගන්තිය යටතේ පළකරන නිවේදනයයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (කොමිෂන් සභාව) නිර්දේශ සඳහා, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (NSO) විසින් සකස් කර ඉදිරිපත් කරන ලද, 2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැලැස්මේ අන්තර්කාලීන වාර්තාව (2027-2029) පිළිබඳ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමට  තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙයින් නිවේදනය කරයි. 

 

මෙම වාර්තාව මගින් විදුලිබල ඉල්ලුම පිළිබඳ පුරෝකථනය, ඉදිකිරීමට අනුමත  සහ යෝජිත තාප, පුනර්ජනනීය සහ විදුලිය ගබඩා කිරීමේ පද්ධති එකතු කිරීම්, දැනට ක්‍රියාත්මක, ඉදිකිරීමට අනුමත සහ යෝජිත සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති, යෝජිත විදුලි උත්පාදන තාක්ෂණයන්, 2027 වසර සඳහා වන හදිසි අවස්ථා විශ්ලේෂණයන් (contingency scenario analysis), පුනර්ජනනීය බලශක්ති පද්ධති වැඩි වශයෙන් සම්බන්ධ කිරීම හේතුවෙන් ඇතිවන මෙහෙයුම් අභියෝග සහ 2027-2029 කාලසීමාව සඳහා ඒවා ක්‍රියාත්මක කිරීමේ සැලසුම් සමඟ අනුරූප නිර්දේශ පිළිබඳ විශ්ලේෂණයක් සපයයි. 

 

ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) විසින් ඉදිරිපත් කරන ලද 2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැලැස්මේ අන්තර්කාලීන වාර්තාව (2027-2029) www.pucsl.gov.lk/notices  හරහා බාගත කරගත හැකිය. 

 

2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැලැස්මේ අන්තර්කාලීන වාර්තාව (2027-2029) පිළිබඳ ලිඛිත ඉදිරිපත් කිරීම් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට මෙයින් ආරාධනා කෙරෙන අතර, කොමිෂන් සභාව එම ඉදිරිපත් කිරීම් සලකා බලා අවශ්‍ය වුවහොත් පාර්ශවකරුවන්ගේ වාචික ඉදිරිපත්කිරීම් සැසියේදී එම අදහස් දැක්වීම සඳහා එම පාර්ශවයන්ට ආරාධනා කළ හැකිය. 

 

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වාචික ඉදිරිපත් කිරීම් සඳහා ද සැසියක් පවත්වනු ලබන අතර, ඒ සඳහා කැමැත්තක් දක්වන පාර්ශවයන්ට ඉහත කී සැසියේදී ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට (කාලය පවතින පරිදි) අවස්ථාව ලබා දෙනු ඇත. එබැවින්, ලිඛිත ඉදිරිපත් කිරීම සමඟ ඉහත කී වාචික සැසියට සහභාගී වීමට ඔබේ කැමැත්ත ද සඳහන් කළ හැකිය. වාචික අදහස් දැක්වීමේ සැසිය පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. 

 

ලිඛිත අදහස් දැක්වීම් 2026 සැප්තැම්බර් 01 දිනට පෙර පහත සඳහන් ලිපිනයට හෝ පහත දැක්වෙන වෙනත් ක්‍රමවේදයන් හරහා ඉදිරිපත් කළ හැකිය.

 

“2027-2046 දීර්ඝකාලීන විදුලිබල පද්ධති සංවර්ධන සැලැස්මේ අන්තර්කාලීන වාර්තාව (2027-2029) පිළිබඳ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම”

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

06 වන මහල, ලංකා බැංකු වෙළද කුලුන,

නො. 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03.

ෆැක්ස්: (011)2392641

දුරකථන: (011)2392607/8

 

විද්‍යුත් තැපෑල: consultation@pucsl.gov.lk

වෙබ් අඩවිය: www.pucsl.gov.lk

ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl

 

වැඩිදුර තොරතුරු සඳහා දුරකතන අංක 0770126254 ඔස්සේ සමීර අදිකාරම් මහතා සම්බන්ධ කරගන්න.