
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
වහල මත ස්ථාපිත සුර්යබල පද්ධති වල විදුලි ජනනය වැඩිදියුණු කිරීම සදහා කල යුතු නියාමන වෙනස්කම් පිළිබද අදහස් හා යෝජනා ලබාගැනීම සදහා අඩු වෝල්ටීයතා බෙදාහැරීම් පද්ධතියේ අධි වෝල්ටීයතාව ඉහල යාම හේතුවෙන් අපවර්තක (Inverter) ක්‍රියා විරහිත වීමේ (tripping) ගැටළුව විසදීම මගින් සුර්ය බල පද්ධතිවල විදුලිය ජනනය වැඩිදියුණු කිරීම මෙම වෙනස්කම් වල අරමුණ වේ.
ඉහත යෝජිත නියාමන වෙනස්කම් සම්බන්ධයෙන් තොරතුරු, ඒ නිසා පැන නැගිය හැකි ගටළු හා බලපෑම් පිළිබද අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත එවන ලෙස සියළු පාර්ශ්වකරුවන්ට කොමිෂන් සභාව ආරාධනා කර සිටී.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 17 වන වගන්තිය යටතේ මහජන උපදේශනයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන සභාව තීරණය කර තිබේ.
www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස උපදේශන පත්‍රිකාව ලබා ගත හැකිය
ලිඛිත ඉදිරිපත් කිරීම් මෙම දැන්වීමේ සිට දින 30ක් තුල එවිය යුතු වේ. පහත සදහන් ආකාර මගින් එවිය හැකිය.
විද්‍යුත් තැපෑල: voltage@pucsl.gov.lk
තැපෑල’ මගින්: ’වහල මත ස්ථාපිත සුර්ය බල පද්ධති වල ජනනය වැඩිදියුණු කිරීම පිළිබද මහජන උපදේශනය”
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ
අංක 28, සාන්ත මයිකල් පාර
කොළඹ 3
වැඩිදුර තොරතුරු සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ලිලන්ත නීලවල මහතා lilanthan@pucsl.gov.lk සම්බන්ධ වන්න
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
වෙබ් අඩවිය: www.pucsl.gov.lk ෆේස්බුක්: www.facebook.com/pucsl
17/04/2024