යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන ඉල්ලීම
යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන ඉල්ලීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි අභ්‍යන්තර විගණන කාර්යයන් ඉටු කිරීම සඳහා විගණන සමාගමක් තෝරා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි අභ්‍යන්තර විගණන කාර්යයන් සිදු කිරීම සඳහා සහාය වීමට සුදුසුකම් ලත් පාර්ශ්වයන්ගෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරාධනා කරයි.

ඉටු කළ යුතු කාර්යයන් (TOR) ඇතුළත් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන ඉල්ලීම (RFP), විෂය පථය සහ ප්‍රසම්පාදනයට අදාළ අනෙකුත් විස්තරාත්මක තොරතුරු බාගත කරගැනීම සඳහා www.pucls.gov.lk.

යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන ඉල්ලීම (RFP) අනුව සකස් කළ ලංසු ඇතුළත් යෝජනාපත්‍ර කොමිෂන් සභාවේ කාර්යාලයේ තබා ඇති ප්‍රසම්පාදන මංජුසාව වෙත 2025 ඔක්තෝබර් 22 වන දින .. 2.00 ට හෝ ඊට පෙර බහාලීම සිදු කළ යුතුය.

සභාපති – දෙපාර්තමේන්තු උපදේශන ප්‍රසම්පාදන කමිටුව (CPCD)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

අංක 28, 6 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, ශාන්ත මයිකල් පාර, කොළඹ 03

ශ්‍රී ලංකාව

දුරකථන: +94-112392607/8

ෆැක්ස්: +94-112392641

විද්‍යුත් තැපෑල: procurement@pucsl.gov.lk