2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන්, සේවා සපයන්නන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන්, සේවා සපයන්නන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 

2023 වසර සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) ලියාපදිංචි වීමට කැමති සැපයුම්කරුවන්, සේවා සපයන්නන් සහ කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

 

ඉල්ලුම්පත්‍ර සහ අවශ්‍ය සැපයුම් සහ සේවා ලැයිස්තුව PUCSL වෙබ් අඩවිය වන www.pucsl.gov.lk හි  අයකිරීමකින් තොරව ලබාගත හැක. සැපයුම් සහ සේවා ලැයිස්තුවේ දක්වා ඇති ඕනෑම භාණ්ඩ හෝ සේවා ගණනාවක් සඳහා ලියාපදිංචි වීමට පාර්ශවයක් සුදුසුකම් ලබයි.

(කරුණාකර අපගේ www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස අවශ්‍ය තොරතුරු ලබා ගන්න)

 

සියලුම අයදුම්කරුවන් නිසි පරිදි පුරවන ලද අයදුම්පත්‍රය සමඟ ලියාපදිංචි ගාස්තුවක් ගෙවිය යුතුය. එක් එක් අයිතමයන් සඳහා ලියාපදිංචි වීමට අයදුම්කරුවෙකුගෙන් රු.500ක මුදලක් (සියල්ල ඇතුළත්) අය කරනු ලැබේ.

 

අයිතම ලියාපදිංචි කිරීමේ ගාස්තු ලංකා බැංකුවේ (කොල්ලුපිටිය සුපිරි ශ්‍රේණියේ ශාඛාවේ) අංක 1630806 දරණ ගිණුමට බැරවන පරිදි ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගෙවීම කල හැක.

 

ටෙන්ඩර් /මිල ගණන් සාමාන්‍යයෙන් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මෙසේ කැඳවනු ලැබූවද අවශ්‍යතාවය මත අනෙකුත් සැපයුම්කරුවන්ගෙන් සේවා ඉල්ලීමේ අයිතිය කොමිෂන් සභාව සතු වේ.

 

අයදුම්පත් 2023 ජනවාරි 17 දින සිට පෙබරවාරි 8 දින දක්වා නිකුත් කෙරෙන අතර වැඩ කරන දිනවල පෙරවරු 9.00 සිට ප.ව. 3.30 දක්වා පහත ලිපිනයෙන් හෝ වෙබ් අඩවියෙන් (www.pucsl.gov.lk/sinhala/category/notices) බාගත කළ හැකිය. අවශ්‍ය වැඩිදුර තොරතුරු සඳහා සහකාර අධ්‍යක්ෂ – තොරතුරු කළමණාකාරන – 0714393018 හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල්) 0112392607(දිගුව 716)අමතන්න.

 

වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරු අනුව නිසි පරිදි පුරවන ලද බැංකු තැන්පතු පත්‍ර සහිත අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් සභාපති, මහජන උපයෝගිතා කොමිෂන් සභා ප්‍රසම්පාදන කමිටුව, 06 මහල, BOC වෙළඳ කුළුණ, 28 ශාන්ත මයිකල් පාර, කොළඹ 03 යන ලිපිනයට 2023 පෙබරවාරි 15 වැනි දින හෝ ඊට පෙර එවිය යුතුය. සියලුම අයදුම්පත් ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “සැපයුම්/සේවා ලියාපදිංචිය 2023” ලෙස සටහන් කළ යුතුය.

 

අයදුම්පත මෙතැනින් භාගත කරගන්න

 

සභාපති,

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

06 වන මහල, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28,

ශාන්ත මයිකල් පාර, කොළඹ 03

 

දුරකථන : 011-2392607-8, ෆැක්ස් : 011-2392641

 විද්‍යුත් ලිපිනය:  info@pucsl.gov.lk වෙබ් අඩවිය, www.pucsl.gov.lk