2020 අගෝස්තු මස 17 වන සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය) ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය
2020 අගෝස්තු මස 17 වන සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය) ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

 (2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වන වගන්නිය යටතේ පලකරනු ලබන දැන්වීම)

 2020 අගෝස්තු මස 17 වන සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය) ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය

2020 අගෝස්තු මස 17 වන සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලි බල මණ්ඩලය) ජාලය තුල සිදුවු දීප ව්‍යාප්ත විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) තීරණය කර ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

ඉහත කී විදුලිය බිදවැටීම හේතුවෙන් ඇති වු ප්‍රතිවිපාක අතර ආර්ථිකයට සිදුවු ඇස්තමේන්තුගත රුපියල් බිලියන 4ක පිරිවැයට සමාන ගිගා වොට් පැය 27.5ක මුළු විදුලි ඉල්ලුම සපුරාලීමට අසමත් වීම හා ඉන් අනතුරුව එම බිදවැටීම හේතුවෙන් සිදුවු අතිරේක හානිද ඇතුළත් වේ. අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සදහා යෝග්‍ය නිර්දේශ සහ සමාජ ආර්ථික බලපෑම් පිළිබද සොයාගැනීම්  විභාගයේ තීරණයට ඇතුළත් වනු ඇති අතර ඒවාට පමණක් සීමා නොවනු ඇත.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 15වන වගන්තියද සමග කියවිය යුතු 18 වන වගන්තිය මගින් දක්වා ඇති ආකාරයට හා කොමිෂන් සභාව විසින් අනුමත ප්‍රසිද්ධ විභාග පටිපාටියට අනුකූලව ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට කොමිෂන් සභාව අදහස් කර සිටී.

උක්ත විදුලිය බිදවැටීමට අදාලව තොරතුරු හෝ ගැටළු හෝ බලපෑම් සම්බන්ධයෙන් කිසියම් ලිඛිත සැලකීරීම් ඇත්නම් ඉදිරිපත්කරන ලෙස පාර්ශ්වකරුවන් වෙත හා මහජනතාවට මෙයින් ඇරයුම් කරනු ලබයි. ‌ කොමිෂන් සභාව විසින් එම ලිඛිත සැලකීරීම් සළකාබලනු ඇති අතර අවශ්‍ය වෙනොත් වුවමනානම් සාක්ෂි විමසීම සදහා පාර්ශ්වයන් කැදවීම කොමිෂන් සභාව විසින් කරනු ඇත.

 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පන‌තේ 18 වන වගන්තිය යටතේ  කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව  මෙම ප්‍රසිද්ධ විභාගය පවත්වනු ලබන අතර එම විභාගය 2021 මැයි මස 7 වන දින පෙරවරු 09.30 සිට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) හිදි පැවත්වේ.

මෙම දැන්වීමේ දින සිට දින 28ක් ඇතුළත ලිඛිත සැලකිරීම් පහත ලිපිනය වෙත එවිය යුතු වේ.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ

අංක 28, සාන්ත මයිකල් පාර

කොළඹ 3

ෆැක්ස්: 011 2392641

ඊමේල් : consultation@pucsl.gov.lk

වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක 0776618031 හෝ 0112392606-8 ඔස්සේ ජානකී විතානගම මහත්මිය අමතන්න

කොමිෂන් සභාවේ අණ පරිදි

ජනක රත්නායක

සභාපති

දිනය : 2021 මාර්තු 28