
(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වන වගන්නිය යටතේ පලකරනු ලබන දැන්වීම)
2025 පෙබරවාරි 09 වන දින සිදුවු දීප ව්‍යාප්ත විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) තීරණය කර ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
ඉහත සඳහන් විදුලිය බිඳවැටීමේ හේතුවෙන් ඇති වු ප්‍රතිවිපාක අතරට පද්ධති බිඳවැටීම හේතුවෙන් සම්ප්‍රේෂණ බලපත්රලාභියාට ගිගාවොට් පැය 5.5 ක බලශක්ති ඉල්ලුමක් සැපයීමට නොහැකි වීමත්, ඉන් පසුව සිදුකල විදුලි කප්පාදු හේතුවෙන් ගිගාවොට් පැය 4.6 ක බලශක්ති ඉල්ලුමක් සැපයීමට නොහැකි වීම සහ බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ට සිදු වූ පාඩුවද ඇතුළත් එම විදුලි බිඳ වැටීම හේතුවෙන් ජනතාවට, ආර්ථිකයට සහ පාරිභෝගිකයින්ට සිදුවූ අන්තරායන්, පාඩු සහ බලපෑම් ඇතුළත් වේ.
මෙම විභාගයේ තීරණයට, මෙම බිදවැටීම නිසා සිදුවූ සමාජ ආර්ථික බලපෑම් පිළිබද සොයාබැලීමත්, අනාගතයේදී මෙවැනි බිදවැටීම් නැවත සිදුවීම වැළැක්වීම සදහා යෝග්‍ය නිර්දේශ හඳුනාගැනීමත් ඇතුළත් වනු ඇති අතර ඒවාට පමණක් සීමා නොවනු ඇත.
උක්ත විදුලිය බිදවැටීමට අදාලව යම් තොරතුරු , ගැටළු හෝ බලපෑම් වේ නම් ඒවා ලිඛිතව ඉදිරිපත්කරන ලෙස අදාළ පාර්ශවයන්ට හා මහජනතාවට මෙයින් ඇරයුම් කරනු ලැබේ. කොමිෂන් සභාව විසින් එම ලිඛිත සැලකීරීම් සළකාබලනු ඇති අතර අවශ්‍ය වෙතොත් සාක්ෂි විමසීම සදහා පාර්ශ්වයන් කැදවීම කොමිෂන් සභාව විසින් කරනු ඇත.
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ප්‍රසිද්ධ විභාගය පවත්වනු ලබන අතර මෙම ප්‍රසිද්ධ විභාගය පැවැත්වීමට නියමිත දිනය, වේලාව සහ ස්ථානය ඉදිරියේදී මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
ලිඛිත ඉදිරිපත් කිරීම් 2025 ජූනි මස 18 වන දිනට පෙර පහත සදහන් පරිදි යොමු කළ යුතුය.
“2025 පෙබරවාරි 09 වන දින සිදුවු දීප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය ”
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ
අංක 28, සාන්ත මයිකල් පාර
කොළඹ 3
ෆැක්ස්: 011 2292641
විද්‍යුත් තැපෑල: consultation@pucsl.gov.lk
වැඩිදුර තොරතුරු සඳහා දුරකතන අංක 077-2943193 ඔස්සේ ජයනාත් හේරත් මහතා අමතන්න.
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
22.05.2025