2021 දෙසැම්බර් 03 වන දින සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය) ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය
2021 දෙසැම්බර් 03 වන දින සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය) ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය

 ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වන වගන්නිය යටතේ පලකරනු ලබන දැන්වීම)

2021 දෙසැම්බර් 03 වන දින​ සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලය) ජාලය තුල සිදුවු දිප ව්‍යාප්ත විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය

2021 දෙසැම්බර් 03 වන දින සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලි බල මණ්ඩලය) ජාලය තුල සිදුවු දීප ව්‍යාප්ත විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) තීරණය කර ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

ඉහත සඳහන් විදුලිය බිඳවැටීමේ හේතුවෙන් ඇති වු ප්‍රතිවිපාක අතරට සම්ප්‍රේෂණ බලපත්‍රලාභියාට රුපියල් බිලියන 1.505ක් හෝ මිලියන 1,505ක් ඇස්තමේන්තුගත ආර්ථික පිරිවැයට සමාන 9.65 GWh ක සම්පූර්ණ බලශක්ති ඉල්ලුමක් සැපයීමට නොහැකි වීම සහ බෙදාහැරීමේ බලපත්‍රලාභීන්ට සිදු වූ පාඩුවද​ ඇතුළත් එම විදුලි බිඳ වැටීම​ හේතුවෙන් ජනතාවට, ආර්ථිකයට සහ පාරිභෝගිකයින්ට සිදුවූ අන්තරායන්, පාඩු සහ බලපෑම් ඇතුළත් වේ.

අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සදහා යෝග්‍ය නිර්දේශ සහ සමාජ ආර්ථික බලපෑම් පිළිබද සොයාගැනීම්  විභාගයේ තීරණයට ඇතුළත් වනු ඇති අතර ඒවාට පමණක් සීමා නොවනු ඇත.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 15වන වගන්තිය සමග කියවිය යුතු 18 වන වගන්තිය මගින් නියමිත​ දක්වා ඇති ආකාරයට හා කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ප්‍රසිද්ධ විභාග පටිපාටියට අනුකූලව ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට කොමිෂන් සභාව අදහස් කර සිටී.

උක්ත විදුලිය බිදවැටීමට අදාලව යම් තොරතුරු , ගැටළු හෝ බලපෑම් වේ  නම් ඒවා ලිඛිතව​ ඉදිරිපත්කරන ලෙස පරදු පාර්ශවයන්ට​ හා මහජනතාවට මෙයින් ඇරයුම් කරනු ලැබේ. ‌ කොමිෂන් සභාව විසින් එම ලිඛිත සැලකීරීම් සළකාබලනු ඇති අතර අවශ්‍ය වෙතොත් සාක්ෂි විමසීම සදහා පාර්ශ්වයන් කැදවීම කොමිෂන් සභාව විසින් කරනු ඇත.

 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පන‌තේ 18 වන වගන්තිය යටතේ  කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව  මෙම ප්‍රසිද්ධ විභාගය පවත්වනු ලැබේ. මෙවැනිම වූ පුවත්පත් නිවේදනයක් මගින් සහ​ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (pucsl.gov.lk) හරහා ප්‍රකාශයට පත් කරනු ලබන මෙවැනිම​ නිවේදනයක් මගින් මෙම ප්‍රසිද්ධ විභාගය පැවැත්වීමට නියමිත​ දිනය, වේලාව සහ ස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

මෙම දැන්වීමේ දින සිට දින 28ක් ඇතුළත ලිඛිත සැලකිරීම් පහත ලිපිනය වෙත එවිය යුතු වේ.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ

අංක 28, සාන්ත මයිකල් පාර

කොළඹ 3

ෆැක්ස්: 011 2392641

ඊමේල් : consultation@pucsl.gov.lk

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකතන අංක 0776618031 හෝ 0112392606-8 ඔස්සේ ජානකී විතානගම මහත්මිය අමතන්න.

කොමිෂන් සභාවේ අණ පරිදි

ජනක රත්නායක

සභාපති

2022 ජනවාරි මස 11