විදුලි ජනනය සඳහා භාවිත කරන ඉන්ධන මිල නියම කිරීම සහ පිරිවැය සෙවීම පිළිබඳ ප්‍රසිද්ධ විභාගය
විදුලි ජනනය සඳහා භාවිත කරන ඉන්ධන මිල නියම කිරීම සහ පිරිවැය සෙවීම පිළිබඳ ප්‍රසිද්ධ විභාගය

(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරනු ලබන මහජන නිවේදනයයි)

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (“කොමිෂන් සභාව”) විසින් විදුලි ජනනය සඳහා භාවිත කරන ඉන්ධන මිල නියම කිරීම සහ පිරිවැය සෙවීම පිළිබඳ ප්‍රසිද්ධ විභාගයක් පැවැත්වීමට ගෙන ඇති තීරණය මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙම ප්‍රසිද්ධ විභාගය තුළින් විදුලි ජනනය සඳහා ඉන්ධන මිල නියම කිරීම සහ පිරිවැය මගින් විදුලි ගාස්තු තීරණය කිරීම කෙරෙහි ඇතිවන බලපෑම පිළිබඳ සොයා ගැනීම් ඇතුළත් වන නමුත් එයට පමණක් සීමා නො වන අතර, තව ද තාප බලාගාර සඳහා වන ඉන්ධන සැපයුම් ගිවිසුම් (FSAs) ක්‍රියාත්මක කිරීමට අදාළව පැන නගින වෙනත් ඕනෑ ම වැදගත් කරුණු ද මෙයට ඇතුළත් වනු ඇත.

ඉන්ධන මිල නියම කිරීම සහ පිරිවැය සෙවීමේ ක්‍රියාවලිය මගින් විදුලි ජනනය සඳහා සිදුවන බලපෑම්, ගැටලු හෝ වෙනත් ඕනෑ ම වැදගත් තොරතුරක් සම්බන්ධයෙන් ලිඛිත ඉදිරිපත් කිරීම් (ඇත්නම්) සිදු කරන ලෙස පාර්ශවකරුවන්ට සහ මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ. කොමිෂන් සභාව විසින් මෙම ඉදිරිපත් කිරීම් සලකා බැලිය හැකි අතර, අවශ්‍ය වුවහොත් ප්‍රසිද්ධ විභාගයේදී   වාචික සාක්ෂි ලබා දීම සඳහා අදාළ පාර්ශවයන් කැඳවනු ලැබිය හැකි ය.

මෙම ප්‍රසිද්ධ විභාගය, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වැනි වගන්තිය ප්‍රකාර ව කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව පවත්වනු ලබන අතර, ඒ සඳහා වන දිනය, වේලාව සහ ස්ථානය ඉදිරියේ දී මහජනතාව වෙත දැනුම් දෙනු ඇත.

ලිඛිත ඉදිරිපත් කිරීම් 2026 ජූලි 14 වැනි දින හෝ ඊට පෙර පහත ලිපිනය වෙත යොමු කළ යුතුය:

විදුලි ජනනය සඳහා භාවිත කරන ඉන්ධන මිල නියම කිරීම සහ පිරිවැය සෙවීම පිළිබඳ ප්‍රසිද්ධ විභාගය”

අධ්‍යක්ෂ ජනරාල්,

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

6 වැනි මහල, BOC මර්චන්ට් ටවර්,

අංක 28, ශාන්ත මයිකල් පාර,

කොළඹ 03.

 

ෆැක්ස්: 011 2292641

විද්‍යුත් තැපෑල (Email): consultation@pucsl.gov.lk

වැඩිදුර තොරතුරු සහ / හෝ පැහැදිලි කිරීම් සඳහා කරුණාකර ජයනාත් හේරත් මහතා දුරකථන අංක          077-2943193 ඔස්සේ සම්බන්ධ කර ගන්න.

 

 

සභාපති,

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව.

2026.06.15