
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 18 වන වගන්නිය යටතේ පලකරනු ලබන දැන්වීම)
ඉහත ප්‍රසිද්ධ විභාගය සම්බන්ධයෙන් 2025 මැයි මස 22 වැනිදා පළ වූ දැන්වීමේ දිගුවක් ලෙස මෙය පළකෙරේ.
2025 පෙබරවාරි 09 වන දින සිදුවු දීප ව්‍යාප්ත විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් පවත්වනු ලබන ප්‍රසිද්ධ විභාගය පහත සඳහන් දිනයේ සහ ස්ථානයේ පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.
දිනය : 2025 අගෝස්තු 05 (පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා)
ස්ථානය : බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH),
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07
වැඩිදුර තොරතුරු සඳහා දුරකතන අංක 077-2943193 ඔස්සේ ජයනාත් හේරත් මහතා අමතන්න.
සභාපති
ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
21-07-2025
Report Submitted to the Commission in terms of paragraph 22 of the Public Hearing Procedures.