
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම මහජන උපදේශනය පවත්වනු ලැබේ.
මෙයට අදාල උපදේශන පත‍්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශිලනය කල හැකි ය.
වහල මත සවිකරන සූර්ය බල පද්ධති (Rooftop Solar PV) ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු මෙන්ම සංවර්ධකයින් මුහුණ දෙන හඳුනාගත් අභියෝග සහ බාධාවන් සම්බන්ධයෙන් මහජනතාවගේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ලිඛිත අදහස් සහ යෝජනා 2025 අප්‍රේල් 25 වන දින දක්වා භාරගනු ලැබේ.
මේ සම්බන්ධයෙන් ලිඛිත අදහස් සහ යෝජනා පහත ලිපිනයට හෝ පහත සඳහන් වෙනත් ක්‍රම හරහා ඉදිරිපත් කළ හැක.
“ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් මුහුණ දෙන අභියෝග හදුනා ගැනීමේ මහජන උපදේශනය”
සභාපති,
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
අංක 28, සාන්ත මයිකල් පාර,
කොළඹ 03
ෆැක්ස් : 011 2392641
ඊමේල් : ncre@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්: www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl
වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක 0741 387283 හෝ 0112392607/8 ඔස්සේ රමේෂ් චංචල මහතා අමතන්න
සභාපති
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
2025/04/03