
(2002 අංක 35 දරන ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පළ කරනු ලබන නිවේදනයයි)
උක්ත කරුණ සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන සහ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමට (මහජන උපදේශනය) ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
රජයේ ඉඩම් ද ඇතුළත්ව යම් ඉඩමක පදිංචිව සිටින පාරිභෝගිකයන්ට විදුලිබල සේවාවන්, එනම්;
යනාදී සේවා සැපයීමේදී අදාල රාජ්‍ය ආයතනවල නීති පද්ධතියට බාධා නොවන ලෙස විදුලි සැපයුම්කරුවන් හට එකී සේවා සැපයීමේ අවස්ථාව සලසා දීම මෙම යාන්ත්‍රණයෙහි අරමුණ වේ. ඊට අදාළ උපදේශන පත‍්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශිලනය කළ හැකි ය.
මෙම යාන්ත්‍රණය සම්බන්ධයෙන් වන උපදේශන පත්‍රිකාවට අදාලව මහජනතාවගේ සහ පාර්ශවකරුවන්ගේ ලිඛිත අදහස් හා යෝජනා 2024 දෙසැම්බර් අවසන දක්වා භාර ගන්නා අතර මෙම යාන්ත්‍රණය සම්බන්ධයෙන් වාචික අදහස් දැක්වීම සඳහා පළාත් මට්ටමින් මහජන උපදේශන පවත්වනු ලබන අවස්ථාවලදී අදාළ පළාතේ වාචික අදහස් දැක්වීමේ දිනය සම්බන්ධව සති දෙකක පූර්ව දැනුම් දීමක් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමේ පළ කරනු ලැබේ.
මෙම යාන්ත්‍රණය සම්බන්ධයෙන් වන උපදේශන පත්‍රිකාවට අදාලව ලිඛිත අදහස් හා යෝජනා පහත ලිපිනයට හෝ පහත සදහන් වෙනත් ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.
“රජයේ ඉඩම් ද ඇතුළත්ව යම් ඉඩමක පදිංචිව සිටින පාරිභෝගිකයන්ට විදුලිබල සේවාවන් සැපයීම වෙනුවෙන් විදුලි සැපයුම්කරුවන්ට යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා පළාත් මට්ටමින් මහජන සහ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම”
සභාපති,
ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ,
අංක 28, සාන්ත මයිකල් පාර,
කොළඹ 03
ෆැක්ස් : 011 2392641
ඊමේල් : consumers@pucsl.gov.lk
වෙබ් අඩවියෙන්: www.pucsl.gov.lk
ෆේස්බුක් ගිණුම: www.facebook.com/pucsl
වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක +94 76 431 7181 ඔස්සේ රෝෂන් වීරසූරිය මහතා අමතන්න