2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති යටතේ සිදු කෙරෙන නිවේදනය
පාරිභෝගිකයන් වෙත විදුලිබල සම්පාදනයේ අඛණ්ඩත්වය වැඩි දියුණු කිරීම පිණිස 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 21(2) සහ (3) වගන්ති ප්‍රකාරව පහත සඳහන් අයදුම්කරුවන් වෙත විදුලිබලය උත්පාදනය කිරීම සඳහා බලපත්‍ර ප්‍රදානය කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) මෙයින් නිවේදනය කර සිටී.
| අයදුම්පත් අනු අංකය | අයදුම්කරු | බලාගාරයේ/ පහසුකමේ නම | ස්ථානය | ධාරිතාව (MW) | තාක්ෂණය |
| E/AL/N/26/27 | දිය ජනනි (ප්‍රයිවට්) ලිමිටඩ් | දඹුලුඔය ජලාශයේ පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතිය | ආනකටාව, දඹුල්ල | 5 | පාවෙන සූර්ය පැනලය |
| E/AL/N/26/28 | මීරිගම සෝලර් (ප්‍රයිවට්) ලිමිටඩ් | 3MW මීරිගම සූර්ය බල ව්‍යාපෘතිය | බෝතලේ ඉහළගම, රෙනගල වත්ත, මීරිගම | 3 | සූර්යබල පී වී |
| E/AL/N/26/29 | සිතාරා ලිමිටඩ් | 1MW, AC බිම සවි කළ සූර්ය PV බල ව්‍යාපෘතිය | මල්පොකුණවත්ත වත්ත, උඩුබද්දාව, කුලියාපිටිය | 1 | සූර්යබල පී වී |
| E/AL/N/26/30 | ඇල්පෙක්ස් ග්‍රීන් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් | කුඹුටුකුලිය 5000(5.0 MW) සෝලර් පීවී ව්‍යාපෘතිය | කුඹුටුකුලිය වත්ත, බංගදෙණිය, ආරච්චිකට්ටුව, පුත්තලම | 5 | සූර්යබල පී වී |
| E/AL/N/26/31 | ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී | ඩෙල්ටා කුඩා ජල විදුලි බලාගාරය | ඩෙල්ටා වත්ත, පුපුරැස්ස, ගම්පොල | 1.6 | කුඩා ජල විදුලි |
ඉහත යෝජනා සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය.
අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත් අනු අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
| සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 03. |
දුරකථන: 011-2392606-7
ෆැක්ස්: 011-2392641 විද්‍යුත් තැපෑල: licensing@pucsl.gov.lk වෙබ් අඩවිය: www.pucsl.gov.lk |
දිනය: 2026/07/09