නිදහස් කිරීම් සදහා අභිලාෂය (කාණ්ඩමය නිදහස්කිරීම්)
නිදහස් කිරීම් සදහා අභිලාෂය (කාණ්ඩමය නිදහස්කිරීම්)

2009 අංක 20 දරන ශ‍්‍රී ලංකා විදුලිබල පනතේ 21 (2) යන වගන්ති
යටතේ සිදු කෙරෙන නිවේදනය

නිදහස් කිරීම් සදහා අභිලාෂය (කාණ්ඩමය නිදහස්කිරීම්)

පාරිභෝගිකයන් හට විදුලිබල සැපයුමේ පවත්නාබව සහ අඛන්ඩතාවය සහතික කිරීමේ අරමුණින් පහත විස්තර කරනු ලබන ආයතන සදහා විදුලි බලය ජනනය කිරීමට, බලාගාරයේ ජනන ධාරිතාවය කුඩා වීම සහ එවැනි කුඩා ප‍්‍රමානයේ බලාගාර විශාල ප‍්‍රමායනක් භුගෝලීය වශයෙන් රට පුරා විසිර තිබීම යන ස්වභාවය සැළකිල්ලට ගනිමින් 2009 අංක 20 දරන ශ‍්‍රී ලංකා විදුලි බල පනතේ 21(2) වගන්තිය යටතේ කාණ්ඩමය නිදහස්කිරීමක් (විදුලි ජනනය සදහා බලපත‍්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම) ප‍්‍රදානය කිරීමට අදහස් කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙයින් නිවේදනය කර සිටී.

විස්තරය

ඉදිකර, අයිතිකර සහ මෙහෙයුම් කිරීමේ පදනම මත පොලොව මත සවිකරන අඩු වෝල්ටීයතා පද්ධතියට සම්බන්ධ වන ලබන කිලෝ වොට් 75 (AC ධාරිතාවය) සූර්ය පීවී බලාගාර ස්ථාපිත කිරීම යන ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රසම්පාදනය යටතේ සුදුසුකම් ලබන ව්‍යාපෘති යෝජකයෝ. ඉහත ප‍්‍රසම්පාදනය යටතේ සුදුසුකම් ලැබූ ව්‍යාපෘති යෝජකයන්ගේ ලැයිස්තුව පහත වෙබ් අඩවියෙහි පල කර ඇත

www.pucsl.gov.lk/news-room/notices/

ඉහත යෝජනාව සම්බන්ධයෙන් කිසියම් අදහස් දැක්වීමක් වෙතොත් මෙම නිවේදනයේ දින සිට දින විසි අටක් (28) තුළ කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබා දිය යුතුය. අදහස් දැක්විම් එවීමේදී අයදුම්පත් අංකය සඳහන් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

සභාපති
ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකුු වෙළඳ කුළුණ,
අංක 28, ශාන්ත මයිකල් පාර,
කොළඹ 03.

දුරකථන: 011-2392604-8
ෆැක්ස්: 011-2392641
විද්‍යුත් තැපෑල: licensing@pucsl.gov.lk
වෙබ් අඩවිය: www.pucsl.gov.lk

දිනය: 2022.06.01