(13/03/2020) විදුලිබල හා විදුලි පාරිභෝගික සේවා වඩාත් වැඩිදියුණු කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව වැඩපිළිවෙලක් පසුගියදා දියත් කළේය. විදුලිබල සේවා සපයන ආයතන වන ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (ලෙකො) නිළධාරීන්ගේ සහාය ඇතිව ක්‍රියාවට නගන මෙම වැඩපිළිවෙලේදී විදුලි පාරිභෝගිකයින්ට සපයන සේවාවන්ට අදාලව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කර ඇති මාර්ගෝපදේශ ඵලදායි ලෙස ක්‍රියාවට නැගීම ඉලක්ක කෙරේ.  ඉහත සදහන් මාර්ගෝපදේශ පිළිබදව විදුලිබල සේවා සපයන ආයතනවල ප්‍රාදේශීය නිළධාරීන් දැනුවත් කිරීම ඔවුන්ගේ අදහස් හා යෝජනා මත අවශ්‍ය සංශෝධන සකස් කර ක්‍රියාවට නැගීම සදහා පළාත් මට්ටමින් පවත්වන අන්තර් ක්‍රියාකාරි සාකච්ඡා මාලාවේ පළමු අදියර පසුගියදා ගාල්ලේ දී සාර්ථකව අවසන් කරන ලදී.

මෙම වැඩසටහනේ දෙවැනි අදියර උතුරු මැද පළාතේදී පැවැත්වීමට සැළසුම් කර තිබේ. දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක වේ.

වැඩිදුර තොරතුරු සඳහා අනුශිකා කඹුරුගමුව, සහකාර අධ්‍යක්ෂ – ආයතන සන්නිවේදන 0718622800 අමතන්න.