විදුලි කාර්මිකයන්ට බලපත්‍ර පිරිනැමීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ මහජන උපදේශනය
විදුලි කාර්මිකයන්ට බලපත්‍ර පිරිනැමීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ මහජන උපදේශනය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

විදුලි කාර්මිකයන්ට බලපත්‍ර පිරිනැමීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ මහජන උපදේශනය

විදුලිබල කර්මාන්තය, ජල සේවා කර්මාන්තය හා ඛනිජතෙල් කර්මාන්තය යන ක්ෂේත්‍ර සදහා නියාමන ආයතනය වශයෙන් 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2002 දී පිහිටුවන ලදී.

විදුලි කාර්මිකයින්ට බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාවට නැගීම සඳහා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 17 (ඇ) වගන්තිය හා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 3 (ඔ) යටතේ මහජන උපදේශනයක් පැවතීවීමට තීරණය කර තිබේ.

අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති ස්ථාපිත කිරීමේදී; ආරක්ෂාව, විශ්වසනීය භාවය සහ පිරිවැය කාර්යක්ෂමතාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ විදුලි බෙදාහැරීම් බලපත්‍රලාභීන් විසින් විදුලි කාර්මිකයින්ට බලපත්‍ර පිරිනැමීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. දැනට මෙවැනි ක්‍රමවේදයක් නොපවතින නිසා අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති ස්ථාපිත කීරීමේදී ආරක්ෂක හා ප්‍රමිති උල්ලංඝණය වීම සුළභව දැකිය හැකි අතර ඉන් අයහපත් බලපෑමක් ඇති වී තිබේ.

අදාළ මහජන උපදේශන පත්‍රිකාව කොමිෂන් සභා වෙබ් අඩවියට (www.pucsl.gov.lk) පිවිස ලබා ගත හැකි ය. එහි මුද්‍රිත පිටපතක් පරීශිලනය සඳහා කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානයේ තබා ඇත.

මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සිය අදහස් හා යෝජනා කොමිෂන් සභාවට ලිඛිත ඉදිරිපත් කළ හැකි ය. 2018 මාර්තු 19 වැනිදා දක්වා ලිඛිත අදහස් හා යෝජනා බාර ගැනේ.

පහත කරුණුවලට අදාලව ලිඛිත අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි වේ.

  1. නිකුත් කරනු ලබන බලපත්‍ර පන්තිය/කාණ්ඩය හා අදාළ පුර්ව සුදුසුකම්
  2. බලපත්‍ර සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු අවශ්‍යතා සහ වගකීම්
  3. බලපත්‍ර නිකුත්කිරිමේ යාන්ත්‍රණය හා ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය පිළිබද යෝජනා
  4. ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ වගවීම
  5. බලපත්‍ර නිකුතු කිරීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ දී සිදුවිය හැකි සමාජ ආර්ථික බලපෑම

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හා මහජන උපදේශනයට සහභාගිවීමට ලියාපදිංචි වීම සදහා ජයනාත් හේරත් (077 2 943 193) අමතන්න.

ලිඛිත අදහස් හා යෝජනා එවිය හැකි ආකාර

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙ වෙබ් අඩවිය මගින් : www.pucsl.gov.lk,

ඊමේල් : consultation@pucsl.gov.lk,

ෆේස්බුක් මගින් : www.facebook.com/pucsl

ෆැක්ස් (011)2392641

විදුලි කාර්මිකයින් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යාන්ත්‍රණය පිළිබද මහජන උපදේශනය යනුවෙන් ලිපි කවරයේ සඳහන් කර පහත ලිපිනයට එවන්න.

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641/h5
ඊමේල්: careers@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk