2020 අගෝස්තු 17 වන දින සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ ජාලයේ (ලංකා විදුලිබල මණ්ඩලයේ) දිවයින පුරා සිදුවු විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය කල් තැබීම
2020 අගෝස්තු 17 වන දින සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ ජාලයේ (ලංකා විදුලිබල මණ්ඩලයේ) දිවයින පුරා සිදුවු විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය කල් තැබීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

 

(2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත 18 වන වගන්තිය යටතේ නිකුත් කරන ප්‍රසිද්ධ නිවේදනය)

 

2020 අගෝස්තු 17 වන දින සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ ජාලයේ

(ලංකා විදුලිබල මණ්ඩලයේ) දිවයින පුරා සිදුවු විදුලිය බිදවැටීම පිළිබද ප්‍රසිද්ධ විභාගය කල් තැබීම

 

2020 අගෝස්තු 17 වන දින සම්ප්‍රේශණ බලපත්‍රලාභියාගේ (ලංකා විදුලිබල මණ්ඩලයේ) ජාලය තුල සිදුවු දිවයිනටම බලපෑ විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට ගත් සිය තීරණය පිළිබද 2021 මාර්තු 28 වන දින පල කල පුවත් පත් දැන්වීම් මගින් නිවේදනය කරන ලදී.

 

ඉහත කී විදුලිය බිදවැටීම හේතුවෙන් ඇති වු ප්‍රතිවිපාක අතර  ආර්ථිකයට සිදුවු ඇස්තමේන්තුගත රුපියල් බිලියන 4ක පිරිවැයට සමාන ගිගා වොට් පැය 27.5ක මුළු විදුලි ඉල්ලුම සපුරාලීමට අසමත් වීම හා ඉන් අනතුරුව එම බිදවැටීම හේතුවෙන් සිදුවු අතිරේක හානිද ඇතුළත් වේ. අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සදහා යෝග්‍ය නිර්දේශ සහ සමාජ ආර්ථික බලපෑම් පිළිබද සොයාගැනීම්  විභාගයේ තීරණයට ඇතුළත් වනු ඇති අතර ඒවාට පමණක් සීමා නොවනු ඇත.

 

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 15වන වගන්තියද සමග කියවිය යුතු 18 වන වගන්තිය මගින් දක්වා ඇති ආකාරයට හා කොමිෂන් සභාව විසින් අනුමත ප්‍රසිද්ධ විභාග පටිපාටියට අනුකූලව ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට කොමිෂන් සභාව අදහස් කර තිබිණ. 2021 මැයි 7 වන දින 09.30 පැයට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවත්වීමට නියමිතව තිබු මෙම ප්‍රසිද්ධ විභාගය රට තුල පවත්නා වත්මන් වසංගත තත්වය හේතුවෙන් කල් දමනු ලබන අතර කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන ඉදිරි දිනයකදී නැවත පවත්වනු ලැබේ.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල

ලංකා බැංකු වෙළද කුළුණ

අංක 28, සාන්ත මයිකල් පාර

කොළඹ 3

 

2021.05.02