2017 වැඩසටහන් සැළැස්ම සදහා මහජන අදහස් විමසීම
2017 වැඩසටහන් සැළැස්ම සදහා මහජන අදහස් විමසීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2017 වැඩසටහන් සැළැස්ම සදහා මහජන අදහස් විමසීම

2017 වැඩසටහන් සැළැස්ම ලබාගන්න

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. එම පනත යටතේ විදුලිබල කර්මාන්තය, ජල සේවා කර්මාන්තය හා ඛණිජ තෙල් කර්මාන්තය යන කර්මාන්ත නියාමනය සදහා නම් කෙරිනි. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත බලාත්මක වීමෙන් අනතුරුව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්ෂණික හා ආරක්ෂණ යන ක්ෂේත්‍රවල නියාමන කටයුතු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලදී. ජල සේවා සහ ඛණිජතෙල් යන කර්මාන්ත වලට අදාල පනත් සංශෝධනය කර නියාමන බලතල කොමිෂන් සභාවට පැවරීමෙන් අනතුරුව එම කර්මාන්ත වල නියාමන කටයුතු ආරම්භකිරීමට කොමිෂන් සභාව මුලික පියවර ගෙන ඇත. ලිහිසි තෙල් වෙළදපොල ඡායාමාත්‍ර නියාමන ආයතනය වශයෙන් ද කොමිෂන් සභාව නම් කර තිබේ.
2017 වර්ෂය සදහා කොමිෂන් සභාව සකස්කර ඇති ප්‍රධාන වැඩසටහන් මෙරට විදුලිබල කර්මාන්තයට අදාළ වේ. ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පාදක කරගෙන එම වැඩසටහන් හදුනාගෙන ඇති අතර යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගැනීමටද කොමිෂන් සභාව තීරණය කර ඇත.

යෝජිත ව්‍යාපෘති ඇතුලත් 2017 වැඩසටහන් වාර්තාවෙහි පිටපත් www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.
මුද්‍රත පිටපතක් පරිශීලනය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලයෙහි ද තබා ඇත.

වෙබ් අඩවිය (www.pucsl.gov.lk ), කොමිෂන් සභාවේ ෆේස් බුක් ගිණුම (www.facebook.com/pucsl) හෝ consultation@pucsl.gov.lk යන ඊමේල් ලිපිනය මගින්ද අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි ය.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත්කරන යෝජනා 2016 නොවැම්බර් මස 29 වැනි දිනට පෙර එවිය යුතු වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ
අංක 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3.

දු:ක: (011)2392607/8 ෆැක්ස්: (011)2392641

දිනය: 2016 නොවැම්බර් 09