2016-2020 කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ (ලංවිම)හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකො) වාර්ෂික ආදායම් පිළිබඳ මහජන අදහස් විමසීම
2016-2020 කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ (ලංවිම)හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකො) වාර්ෂික ආදායම් පිළිබඳ මහජන අදහස් විමසීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

මහජන අදහස් විමසීම

2016-2020 කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ (ලංවිම)හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකො) වාර්ෂික ආදායම් පිළිබඳ මහජන අදහස් විමසීම

ධවල පත්‍රය ලබා ගැනීමට පිවිසෙන්න
ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කර ඇති අංක ඊ එල්/09-002 දරණ සම්ප්‍රේශණ හා තොග සැපයුම් බලපත්‍රයේ 02 වන කොන්දේසිය සහ ලංකා විදුලිබල මණ්ඩලයට හා ලංකා විදුලි පුද්ගලික සමාගම යන ආයතනවලට නිකුත් කර ඇති බෙදාහැරීම් බලපත්‍ර 05 හි 31 වන කොන්දේසිය යටතේ එම බලපත්‍රලාභින් විසින් 2016 ජනවාරි මාසයේ සිට ඉදිරි අවුරුදු 5ක කාලයක් සදහා ආදායම් ඇස්තමේන්තු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) වෙත අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබේ.

කොමිෂන් සභාව අනුමත කරන ලද පිරිවැය මත පදනම් වු ක්‍රමවේදයට අනුකූලව විදුලිබල අයක්‍රම සැකසීමේදී පාරිභෝගිකයින්ට හා වෙනත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ඒ සදහා සහභාගිවීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ උපදේශන පත්‍රිකාවක් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

එම උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk. එම වෙබ් අඩවියට එක් කර ඇත.

උපදේශන පත්‍රිකාවෙහි පහත අංක (i) සිට (viii) දක්වා සදහන් විශේෂිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත්කරන ලෙස කොමිෂන් සභාව මෙයින් ආරාධනා කර සිටී.

 

  • 2016-2020 කාලය සදහා එක් එක් බලපත්‍රලාභියාගේ ඇස්තමේන්තුගත අලෙවි ආදායම ජාලයෙහි අනුමත සම්ප්‍රේශණ හානිය
  • 2016-2020 කාලය සදහා එක් එක් බලපත්‍රලාභියා ඉදිරිපත්කර ඇති ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම්
  • 2016-2020 කාලය සදහා එක් එක් බලපත්‍රලාභියා ඉදිරිපත්කර ඇති ඇස්තමේන්තුගත මෙහෙයුම් වියදම්
  • 2016-2020 කාලය සදහා එක් එක් බලපත්‍රලාභියා ඉදිරිපත්කර ඇති ඇස්තමේන්තුගත ආදායම්
  • 2016-2020 කාලය සදහා වීථී ලාම්පු වෙනුවෙන් අලෙවිකරන බලශක්ති වෙනුවෙන් සම්ප්‍රේශණ බලපත්‍රලාභියා සදහා අනුමත ප්‍රතිපාදන
  • මහා පරිමාණ විදුලි බලාගාර මිලදීගැනීම සදහා අනුමත පිරිවැය
  • සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලාගාර වලින් විදුලිය මිලදී ගැනීම සදහා අනුමත ප්‍රතිපාදන
  • කොටස් අයිතිය මත බලපත්‍රලාභීන් සදහා අනුමත ප්‍රතිලාභය (2% ක මුර්තමය)

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තම අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත 2016 පෙබරවාරි මස 12 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ. ලිඛිත ඉදිරිපත් කිරිම් පහත සදහන් ලිපිනය¸ ඊමේල් ලිපිනය හෝ ෆැක්ස් අංකය හරහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

ලිපිනය

විදුලිබල බලපත්‍රලාභීන්ගේ වාර්ෂික ආදායම් පිළිබද මහජන අදහස් විමසීම
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල
ලංකා බැංකු වෙළද කුළුණ, අංක 28,
සාන්ත මයිකල් පාර
කොළඹ 3

ඊමේල්
consultation@pucsl.gov.lk
ෆැක්ස්-011-2392641

කොමිෂන් සභාවේ වෙබ් අඩවිය www.pucsl.gov.lk ඔස්සේ ද ඔබේ අදහස් ඉදිරිපත් කළ හැකිය

වාචික අදහස් දැක්වීමේ අදියරක් පැවත්වීම සදහා ද සැළසුම් කර තිබේ. ඒ පිළිබද වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙනු ලැබේ. ඒ සදහා සහභාගි වීමට කැමති පුද්ගලයින් සිය ලිඛිත අදහස් සමග ඒ බව ද දන්වා එවිය යුතු වේ.

වැඩිදුර විස්තර සදහා එරන්දි උඩගෙඅච්චි මෙනවිය අමතන්න (011)2392607/8

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය : 2016 ජනවාරි 22