2016 ක්‍රියාකාරිත්ව සැළසුම පිළිබද මහජන අදහස් විමසීම
2016 ක්‍රියාකාරිත්ව සැළසුම පිළිබද මහජන අදහස් විමසීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2016 ක්‍රියාකාරිත්ව සැළසුම පිළිබද මහජන අදහස් විමසීම

විදුලිබල කර්මාන්තය, ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය යන යටිතල පහසුකම් අංශ සදහා නියාමන ආයතනය වශයෙන් 2002 අංක 35 දරන පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලදී. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සම්මත කිරීමෙන් අනතුරුව මෙරට විදුලිබල ක්ෂේත්‍රයෙහි ආර්ථික, ආරක්ෂණ සහ තාක්ෂණික නියාමන කටයුතු ආරම්භ කරන ලදී. ජල සේවා කර්මාන්තය හා ඛණිජතෙල් කර්මාන්තයට අදාල කර්මාන්ත පනත් කෙටුම්පත් සම්මත කර නියාමනය සදහා බලතල පැවරීමෙන් පසුව එම කර්මාන්ත අංශවල නියාමන කටයුතු ආරම්භකිරීමට මෙම කොමිෂන් සභාව පියවර ගනු ඇත. දැනට මෙම කොමිෂන් සභාව වෙත ලිහිසි තෙල් වෙළදපොල ඡායාමාත්‍ර නියාමන කටයුතුද පැවරී ඇත. ඒ අනුව එම ක්ෂේත්‍රයට අදාල නියාමන හා ප්‍රතිපත්තිමය කරුණුවලදී ඛණිජ තෙල් කර්මාන්ත විෂය අයත් අමාත්‍යංශයට කොමිෂන් සභාව උපදේශනාත්මක සහාය ලබාදෙමින් සිටී.

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතෙහි හා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් දක්වා ඇති අරමුණු ලගා කර ගැනීම සදහා කොමිෂන් සභාව විසින් දිගුකාලීන ඉලක්ක හදුනාගෙන ඇත. එම අරමුණු ලගාකරගැනීම සදහා වාර්ෂිකව කොමිෂන් සභාව විසින් ව්‍යාපෘති සමුදායක් ක්‍රියාවට නංවයි. සෑම වර්ෂයකදීම ඉදිරි වර්ෂය තුලදී ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති හදුනාගෙන ඉදිරි වර්ෂය සදහා ක්‍රියාකාරිත්ව සැළැස්ම සකස් කරනු ලැබේ. 2016 ක්‍රියාකාරිත්ව සැළැස්ම මේ වන විට කෙටුම්පත් කර ඇති අතර එම කෙටුම්පත මහජන අදහස් සදහා ප්‍රසිද්ධ කිරීමටද කොමිෂන් සභාව තිරණය කරන ලදී. මෙම වාර්තාව www.pucsl.gov.lk යන වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය. එසේම එහි මුද්‍රිත පිටපතක් පරිශීලනය සදහා කොමිෂන් සභා කාර්යාලයෙහි තොරතුරු කේන්ද්‍රයෙහි තබා ඇත.

2016 ක්‍රියාකාරිත්ව සැළසුම් කෙටුම්පතෙහි ඇතුළත් ව්‍යපෘති සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මේ අනුව අවස්ථාව ලැබේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තම අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත 2015 ඔක්තෝබර් මස 01 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ. ලිඛිත ඉදිරිපත් කිරිම් පහත සදහන් ලිපිනය¸ ඊමේල් ලිපිනය හෝ ෆැක්ස් අංකය හරහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකි ආකාර

සජීවි ලෙස අදහස් දැක්වීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:
www.pucsl.gov.lk

ඊමේල් මගින්
consultation@pucsl.gov.lk

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641