2015-2034 අවම පිරිවැය මත පදනම් වු දිගුකාලීන විදුලිබල උත්පාදන සැළසුම පිළිබද මහජන අදහස් විමසීම
2015-2034 අවම පිරිවැය මත පදනම් වු දිගුකාලීන විදුලිබල උත්පාදන සැළසුම පිළිබද මහජන අදහස් විමසීම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

2015-2034 අවම පිරිවැය මත පදනම් වු දිගුකාලීන විදුලිබල උත්පාදන සැළසුම පිළිබද
මහජන අදහස් විමසීම

සම්ප්රේaෂණ බලපත්රlලාභියා වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කල 2015-2034 අවම පිරිවැය දිගුකාලීන විදුලිබල උත්පාදන ව්යානප්ති සැළසුම (බාගත කරගන්න) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උයෝගිතා කොමිෂන් සභාව (කොමිෂන් සභාව) 2002 අංක 35 දරන ශ්රීං ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතෙහි 17 (ආ) වගන්තිය සහ 2009 අංක 20 දරන ශ්රී‍ ලංකා විදුලිබල (සංශෝධිත ) පනතෙහි 3(ඔ) වගන්තිය යටතේ මහජන උපදේශනයක් පැවත්වීමට තීරණය කර තිබේ. මෙම වාර්තාව www.pucsl.gov.lk යන වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය. එසේම එහි මුද්රිපත පිටපතක් පරිශීලනය සදහා කොමිෂන් සභා කාර්යාලයෙහි තොරතුරු කේන්ද්ර යෙහි තබා ඇත.

යෝජිත දිගුකාලීන උත්පාදන සැළසුම සදහා සිය යෝජනා හා අදහස් ඉදිරිපත්කිරීමට කැමති පාර්ශ්වයන්ට එහි පහත සදහන් ක්ෂේත්රහයන් පිළිබද අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය. ලිඛිත අදහස් ඉදිරිපත් කිරීම් 2015 සැප්තැම්බර් මස 21 වැනි දිනට පෙර එවිය යුතු වේ.

අනාගත විදුලිබල ඉල්ලුම
යෝජිත බලශක්ති සැපයුම් තාක්ෂණය, ඒවායේ පිරිවැය සහ කාර්යක්ෂමතා පරාමිති
යෝජිත සැළසුම සදහා භාවිත කල පද්ධතියේ විශ්වසනීයක්වය පිළිබද නිර්ණායක
අනාගත ඉන්ධන මිල ගණන්
වට්ටම් අනුපාතය
සැළසුම සකස්කිරීම සදහා පදනම් කරගත් ආකෘතික උපකරණ
යෝජිත මුලික උත්පාදන සැළසුම/නව බලාගාර
විදුලිබල ජනනය සදහා අනාගත ඉන්ධන භාවිතය හා විවිධාංගිකරණය
දේශීය බලශක්ති මුලාශ්රා හා පුනර්ජනනීය තාක්ෂණ භාවිතය
අනාගත උත්පාදන සැළසුම මගින් පරිසරයට කරන බලපෑම

අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකි ආකාර

සජීවි ලෙස අදහස් දැක්වීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:
www.pucsl.gov.lk

ඊමේල් මගින්
consultation@pucsl.gov.lk

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641
ඊමේල්: licensing@pucsl.gov.lk වෙබ්අඩවිය: www.pucsl.gov.lk