ශ්‍රී ලංකාවේ තාප විදුලි ජනනයේදී සිදුවන බාහිර පිරිවැය ඇස්තමේන්තු කිරීම පිළිබද මහජන උපදේශනය
ශ්‍රී ලංකාවේ තාප විදුලි ජනනයේදී සිදුවන බාහිර පිරිවැය ඇස්තමේන්තු කිරීම පිළිබද මහජන උපදේශනය

උපදේශන පත්‍රිකාව ලබාගන්න

වාර්තාව ලබාගන්න

තාප විදුලි බලාගාරවලින් විදුලිය ජනනයේදී වායු දූෂණය, ජල දූෂණය, විෂ ද්‍රව්‍ය නිදහස් නිකුත්වීම හා හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් විශාල පරාසයක පරිසර ගැටළු ඇති කරයි. මෙම පාරිසරික ගැටළු හේතුවෙන් අහිතකර ප්‍රජාමය, සමාජමය සහ පාරිසරික වියදම් හෙවත් බාහිර පිරිවැයක් දැරීමට සිදුවන අතර තාප විදුලිබලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන සැබෑ ආර්ථික පිරිවැය නිවැරැදිව ගණනය කල යුතු වේ.

තාප විදුලි බලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවැය නිවැරැදිව ගණනය කිරීම සදහා ප්‍රථම පියවර වශයෙන් ශ්‍රී ලංකාවේ තාප විදුලි ජනනයේ බාහිර පිරිවැය ඇස්තමේන්තුකිරීම පිළිබද අධ්‍යනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදුකරන ලදී.  මෙම අධ්‍යනයේදී හෙලී වු බාහිර පිරිවැය දත්ත හා ක්‍රමවේදයෙහි වලංගුතාවය තවදුරටත් තහවුරු කරගැනීම සදහා සියළු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදහස් කර සීටී.  2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 17 (ඇ) වගන්තිය හා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (සංශෝධිත) 3(ඔ) වගන්ති යටතේ මෙම මහජන උපදේශනය පැවත්වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ තාප බලාගාරවලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සියලු පාර්ශ්වයන්ට ඇරයුම් කර සිටී.

ලිඛිත අදහස් හා යෝජනා ලබාගැනීමේන් අනතුරුව වාචිකව අදහස් දැක්වීමේ අවස්ථාවක් ද පැවත්වෙනු ඇත. ඒ පිළිබද විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ තාප බලාගාරවිලින් විදුලිය ජනනයේදී සිදුවන බාහිර පිරිවය ඇස්තමේන්තු පිළිබද අධ්‍යයන වාර්තා කෙටුම්පත භා උපදේශන පත්‍රිකාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. (https://www.pucsl.gov.lk/si/news-room/notices)

ලිඛිත අදහස් 2020 ජූලි 3 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

ලිඛිත යොමුකිරීම් :

තාප විදුලි ජනනයේදී සිදුවන බාහිර පිරිවැය ඇස්තමේන්තු කිරීම පිළිබද මහජන උපදේශනය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,

6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ,

28, ශාන්ත මයිකල් පාර,

කොළඹ – 03 

හෝ

 

අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත්කිරීම් කිරීමට www.pucsl.gov.lk වෙත පිවිසෙන්න

හෝ

විද්‍යුත් තැපැල්: consultation@pucsl.gov.lk

හෝ

ෆැක්ස් : (011) 2392641

මුහුණු පොත : www.facebook.com/pucsl

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: (011) 2392608/7 හෝ 0718622800 – (අනුශිකා කඹුරුගමුව- සහකාර අධ්‍යක්ෂ)

 

දිනය: 12.06.2020