විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද කතිකාව 2016
විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද කතිකාව 2016

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද කතිකාව 2016

විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඉහළ ගුණාත්මක තත්වයකින් යුත් විදුලිබල සේවාවක් සැපයීම තහවුරු කිරීමෙහි වගකීම විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී තිබේ. විදුලි පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා විදුලිබල සේවා සපයන ආයතන වන ලංකා විදුලි බල මණ්ඩලයේ හා ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) යන ආයතනවල ද පුර්ණ සහාය ඇතිව මේ වන විට විදුලි පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද ප්‍රකාශනයක් ද එළිදක්වා තිබේ. එමෙන්ම විදුලිබල සේවාවට අදාල සියලුම පාර්ශ්වයන්ට බලපාන කොන්දේසි හා වගකීම් දැක්වෙන සැපයුම් සේවා සංග්‍රහය ද එක් එක් සේවා දායක ආයතන විසින් ප්‍රකාශයට පත්කර ඇත. සිය අයිතිය සුරක්ෂිත කරගැනීම සදහා ඒ අයිතීන් පිළිබද පාරිභෝගිකයා ද දැනුවත් විය යුතුය. ඒ අරමුණද ඇතිව ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමිව සංවිධානය කරනු ලබන පාරිභෝගික කතිකාව සදහා සහභාගිවන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට මෙයින් ආරාධනා කර සිටිමු.
දිනය 2016 මාර්තු 14
වේලාව පස්වරු 2 සිට 5 දක්වා
ස්ථානය ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය, කොළඹ 7
මේ පිළිබද වැඩිදුර විස්තර සහ ලියාපදිංචි වීම සදහා අනුෂිකා කඹුරුගමුව මහත්මිය අමතන්න, 0718622800

සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහළ, ලංකා බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ – 03.
දුරකතනය: 011-2392608 ෆැක්ස්: 011-2392641

දිනය : 2016 මාර්තු 11